gossiplanka alexa නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා ගැන හෙළිදරව්වෙන් පසු ??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා ගැන හෙළිදරව්වෙන් පසු ??

latest lanka gossip
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දුන් බව වාර්තාවක් පළ වුණා. ඒ පාසලට ළමුන් ඇතුළත් කරගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන්. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව ක්‍රියාත්මකවී නොමැතිබවත් එම වාර්තාවල සඳහන් වුණා. 

මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මෙම වාර්තාව ලබා දී ඇත්තේ. 

එම විමර්ශනවලට අනුව විදුහල්පතිනිය විසින් සිදු කළ අක්‍රමිකතා ලෙස පහත කරුණු ද ගොනුකර තිබුණා.

  • පසුගිය වසරේ උසස් පෙළ පන්ති සඳහා ලැබුණු අයැදුම්පත් 2119 න් A සාමාර්ථ සංඛ්‍යාව පදනම් කරගනිමින් අයදුම්කරුවන් 442 ක් පමණක් චක්‍රලේඛ උල්ලංඝණය කර සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවා තිබීම සහ  ඉන් කොටසකට අවිධිමත් ලෙස විදුලි පණිවුඩ මගින් හා දුරකතන පණිවුඩ මගිනි. කැඳවීම් කර

  • වාණිජ අංශයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරීම සදහා අයැදුම්කල 26 දෙනෙකුගෙන් 15 දෙනෙකු පාසලට ඇතුලත් කරගෙන ඇති අතර ඊට අයදුම්කල A සාමාර්ථ 5 ක් ලබාගත් අයැදුම්කරුවන් 11 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවීමක් සිදුකර නොමැතිවීම. නමුත් ඊට අඩු සුදුසුකම් ඇති ජාතයන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුවියන් 4 දෙනෙකු හෙළිදරව් නොවන පදනමකින් පාසලට ඇතුලත් කර ගැනීමට ක්‍රියා කර තිබීම.

  • 2019 වසරේ උසස් පෙළට සිසුවියන් ඇතුලත්කරගැනිමේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී දරුවා පාසලට ඇතුලත් කරගන්නේ නම් මාපියන් හට පාසලට ලබාදිය හැකි මුදල් හෝ ද්‍රව්‍යමය පරිත්‍යාග තොරතුරු පත්‍රිකාවේ පහළ කෙළවරේ සටහන් කරගන්නා ලෙස විදුහල්පතිනිය විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී තිබීම.

  • මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල වටා ඇති තාප්පයට ඉහළින් ආරක්ෂිත කම්බි වැටක් හා තහඩු ආවරණයක් යෙදීමට අවශ්‍ය බව පවසා උසස් පෙළ සදහා පාසලට ඇතුලත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් දසලක්ෂ දහසය දහසක මුදලක් එකතුකර ඇතත් කිසිදු කුවිතාන්සියක් නිකුත් කර නොතිබීම.

  • මෙම ආරක්ෂිත කම්බි වැට හා තහඩු ආවරණය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවූ බවට පාසලේ පරිපාලන හා මුදල් නියෝජ්‍ය විදුහල්පතිනිය ඉදිරිපත් කල ලේඛණ ව්‍යාජ ඒවා බව අනාවරණය වීම.
එසේම මෙම විගණන කටයුතු අතරතුර විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් විමර්ශනය කළ විගණන නිලධාරීන් ඊට අදාල ලිපිගොනු රැසක් පාසලේම අල්මාරියක දමා අගුළු ලා එහි යතුරු තමන් ගෙන තිබෙනවා. එහෙත් විදුහල්පතිනියගේ උපදෙස් මත යතුරු කපන පුද්ගලයෙකු හොර රහසේ කැඳවා අමතර යතුරක් කපා එම අල්මාරිය විවෘත කර අදාල ලිපිගොනු ඉවතට ගෙන තිබූ බව විගණන වාර්තාවේ සදහන් වනවා. 

මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු වලට අනුව වාර්තා වන්නේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකළ නිලධාරීන්ට මේ වනවිට විවිධාකාරයෙන් බලපෑම් සිදුකරමින් පවතින බවයි. මෙසේ අප්වසන්නේ ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය විසින්. ඔවුන් මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. ඔවුන් පවසන්නේ විගණන පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර 3 ක සිර දඬුවම් නියම කළ හැකි බවයි.

මෙවන් තත්ත්වයක දීත් ඊයේ දිනයේ දී පාසලේ ආදි සිසුවියන් පිරිසක් සහ පාසල් සංවර්ධන සමිතියේ පිරිසක්  විදුහල්පතිනියට පක්ෂපාතීව පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබෙනවා. මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පළ කරමින් කියා සිටියේ පාසලේ කීර්තිනාමයට හානි සිදුකරන්නේ විරෝධතා පවත්වමින් විදුහල්පතිනිය රැකගැනීමට කටයුතු කරන පිරිස බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu