gossiplanka alexa ක්‍රිකට් පුරාවෘත ‍රැසක් එකතුවන ලොව විශිෂ්ඨතම ක්‍රිකට් තරඟාවලියක් ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් පුරාවෘත ‍රැසක් එකතුවන ලොව විශිෂ්ඨතම ක්‍රිකට් තරඟාවලියක් ඇරඹේ

gossip lanka news
මාර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත් එමඟින් විනය ගරුක සමාජයක් බිහිවන ආකාරයත් පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත්කිරීමේ අරමුණින් පැවැත්වෙන 'Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය” සඳහා මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධනය යොමුව තිබෙනවා.

ක්‍රිකට් පුරාවෘත්තයින් රැසක් ඒකරාශී කර ගනිමින් දියත් කෙරෙන මෙම තරගාවලිය සඳහා සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සහභාගී වන බවයි සඳහන් වන්නේ. 

සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි ලෝක පූජිත පිතිකරුවන් වගේම බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රිකට් ලොව නම ‍රැන්දූ තරු ‍රැසක් මේ සඳහා සහභාගීවනවා. ලබන මාර්තු මස 07 වනදා  සිට මාර්තු මස 22 දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙන අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුල්ම තරඟය ක්‍රීඩා කරනවා.  ඉන්දියාවේ ක්‍රීඩාංගන හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන මෙම තරඟාවලිය තරඟ 11කින් සමන්විතයි.

සෑම කණ්ඩායමකින් ම ප්‍රබල ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් විශිෂ්ඨ තරඟ පෙළක් නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 

තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත්වන අතර ලංකා කණ්ඩායම පහත පරිදි වනවා.

චමින්ද වාස්
මුත්තයියා මුරලිදරන්
ෆර්විස් මහරුෆ්
මාවන් අතපත්තු
රංගන හේරත්
රොමේෂ් කලුවිතාරණ
තිලින කණ්ඩම්බි
අජන්ත මෙන්ඩිස්
උපුල් චන්දන
දුලංජන විජේසිංහ
චාමර කපුගෙදර
සචිත්‍ර සේනානායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu