gossiplanka alexa එල්ටීටීඊ යට විරුද්ධව පළමු වරට සමූල ඝාතනයක් සම්බන්ධයෙන් ජිනීවාහි පැමිණිල්ලක්, කරුණා සාක්ෂි දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එල්ටීටීඊ යට විරුද්ධව පළමු වරට සමූල ඝාතනයක් සම්බන්ධයෙන් ජිනීවාහි පැමිණිල්ලක්, කරුණා සාක්ෂි දෙයි

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල මහතා කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමූ ස්ථානය ජනෙත් විමල මහතා විසින් සොයාගෙන තිබෙනවා.

ආරංචි මාර්ග අප්වසන්නේ  ඊට අදාළ පැමිණිල්ල මානව හිමිකම් බලධාරීන් වෙත යොමු කරන බවයි. මෙම සමූල ඝාතනය ගැන මෙතෙක්  කිසිදු රජයක් මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර නැහැ. 

 මේ අතර මෙම අපරාධය ගැන මානව හිමිකම් කවුන්සිලය කැඳවීමක් කළහොත් තමන් ඒ සඳහා සාක්‍ෂි දීමට සූදානම් බව නැගෙනහිර හිටපු කොටි හමුදා නායක විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙම සමූල ඝාතනය ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් සහ ස්වර්ණම් විසින් සිදු කළ බවයි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu