gossiplanka alexa පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ සහෝදරයා සමඟ රවුෆ් හකීම්ගේ සබඳකමක් ගැන පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ සහෝදරයා සමඟ රවුෆ් හකීම්ගේ සබඳකමක් ගැන පැමිණිල්ලක්

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාඔහු බැලීමට යාම සම්බන්ධයෙන්    ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ පැමිණිල්ලෙ හි දක්වා ඇත්තේ 2017 වර්ෂයේ දිනයක සැකකාර රිල්වාන් යන අය රෝහල තුළදී හමුවීමට හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා ලැබී ඇති බව යි. 

එසේ රිල්වාන් යන අය තුවාල ලබා ඇත්තේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බෝම්බයක් අත්හදා බැලීමට යාමේදී පිපිරීමකින් බවත් ඉන්පසු කොළඹ පුද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu