gossiplanka alexa රන්ජන් එජාපයෙන් නෙරපයි ? බැඳුම්කර වංචාවට සම්බන්ධ අයගේ හඬ පට තමන් සතු බව රන්ජන්ගෙන් අනියම් තර්ජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් එජාපයෙන් නෙරපයි ? බැඳුම්කර වංචාවට සම්බන්ධ අයගේ හඬ පට තමන් සතු බව රන්ජන්ගෙන් අනියම් තර්ජනයක්

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය අවධානය යොමු කර තිබෙන බව වාර්තා වාර්තා වනවා.  රාමනායක මහතා විසින් සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට හෙළිදරව් වීම නිසා පක්ෂය අපකීර්තියට පත්ව ඇති වී තිබෙන බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේද අදහස වී ඇත්තේ. 

මේ හේතුවෙන් මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් වහා විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට පක්‍ෂ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර ඒ සමගම ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයිද සදහන්. 

මේ අතර පසුගිය බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව අල්ලස් දීමට තමන්ට කතා කළ හඬ පට තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තමන්ගේ තම හඬපට මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීම වලකන ලෙස ඉල්ලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමින්. මන්ත‍්‍රීවරයාට විරුද්දව එජාපයෙන් විනය පරීක්‍ෂණ ආරම්භ කර තිබීම හේතුවෙන් මෙය ඔහු විස්න් සිදු කළ අනියම් තර්ජනයක් යැයි ද බොහෝ දෙනා පවසනවා. ඒ  බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා ඇතුළු පිරිසකට වන බැවින්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu