gossiplanka alexa එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් , රනිල් දින ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් , රනිල් දින ඉල්ලයි

නිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වනවා. 

කරු ජයසූරිය මහතා හමුවී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ද තීරණාත්මක සාකච්ඡාවක් සිදුකර තිබෙන බව සඳහන්. කරු ජයසූරිය කතානායකවරයා විසින් මේ වන විටත් එජාප නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති අතර කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය  බාරගැනීමට එකඟතාවය පළකර තිබෙන බව ද වාර්තා වනවා.

 කතානායකවරයාගේ මෙම ඉල්ලීමට තීන්දුවක් ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා දින දෙක තුනක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටින්නේ ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඉදිරි කාලයේදී කරු ජයසූරිය මහතා ද අගමැති අපේක්ෂක සහ නව සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බවයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu