gossiplanka alexa ''අයියා මුහුදු රස්සාවට ගියා. නංගි ගාමන්ට් ගියා. මම ආමි එකට ආවා'' - ස්නයිපර් නිරෝගේ පුතාත් හමුදාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''අයියා මුහුදු රස්සාවට ගියා. නංගි ගාමන්ට් ගියා. මම ආමි එකට ආවා'' - ස්නයිපර් නිරෝගේ පුතාත් හමුදාවට

ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවයනවා.  දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Sනිපෙ නම් කුරුළු වර්ගය ඇසුරෙන්  ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න නිර්මාණය වී තිබෙනවා. 

තිස් වසරකට අධික කාලයක් තිස්සේ පැවති LTTE යුද්ධයේ දී මෙරට හමුදාවේ ස්නයිපර් වරුන්ගේ සිදු වුණේ අත් විශාල මෙහෙවරක්. එල්.ටී.ටී.ඊ. සාමාජික ජීවිත 2,000කට හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් වග කියා ඇති බව ද පැවසෙනවා. එම වෙඩික්කරුවන් අතර නීරෝ, කැමා, ලාරා, මරර්,පිග්මි හා සූන් යන අයට විශේෂ ස්ථානයක් හිමිව තිබූණා. 

යුද සමයේ දක්ෂ වෙඩික්කරුවකු ලෙස බොහෝදෙනා කතා බහ කළ ස්නයිපර් නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි , 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මියයන්නේ ජාතික වීරයෙක් බවට පත් වෙමින්. ඔහු ජීවිතක්ෂයට පත් වුණේ වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී මුලතිව්, පුදුමාතලන්හිදී එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකින්. පෙ.ව. 6.20ට පමණ වෙඩි වැදුණු පසු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු යොමු කළද එදිනම පෙ.ව 7.15ට පමණ නීරෝ ජීවිතයට සමු දුන්නා. 

විශේෂ බළකා පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, සැඟවුණු වෙඩික්කරු ස්නයිපර් පාඨමාලාව, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක පාඨමාලාව ඇතුළු උසස් හමුදා පුහුණු පාඨමාලාවන් රැසක් හැදෑරූ නීරෝ උ/නැ සංග්‍රාමික, පූර්ණභූමි, රිවිරැස, දේශපුත්‍ර, ස්වර්ණ ජයන්ති ඇතුළු වීර පදක්කම් රැසකින් පිදුම් ලැබූ රණවිරුවෙකි.

රශ්මික නිමේෂ, ධනුෂ්ක නිමේෂ යන පුතුන් දෙදෙනාගේ හා නිලුපමා රසාජි දියණියගේ ආදරණීය පියාව සිටියදී මියගිය නිරෝගේ බිරිඳ ඒ වන විට ගැබිණියක්ව සිටියා. එවක එකොළොස් හැවිරිදි වියෙහි පසු නීරෝ රණවිරුවාගේ දෙවැනි පුතා ධනුෂ්ක වයසින් වැඩෙද්දී පියා මෙන් යුද හමුදාවට බැඳී පියාගෙන් ගිලිහුණු ගිනි අවිය අතට ගෙන රට රකීමට තීරණය කළා. 

පාසල් සමයේ සිට එය ඔහුගේ එකම සිහිනය වුණා. 2018 අගෝස්තු 01 වැනිදා සාමාන්‍ය සෙබළකු ලෙස යුද හමුදාවට බැඳී ධනුෂ්ක ගජබා රෙජිමේන්තුවේ 20 වැනි බළඇණියේ සේවය කීරීම ආරම්භ කළා. දැනට සාලියපුර ගජබා රෙජිමේන්තු හමුදා කඳවුරේ සේවය කරන සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඊ. ධනුෂ්ක නිමේෂ ප්‍රේමසිරි සිය පියා සිටි විශේෂ බළකායට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

''“තාත්තා වගේ ස්නයිපර්මන් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. ක්‍රීඩාවලින් ඉදිරියට යෑමටත් කැමැතියි.

කුඩා කාලෙ ඉඳන් මමත් තාත්තා වගේ හමුදාවට යන්න ලොකු ආසාවෙන් හිටියෙ. තාත්තා මියගිය පසු අපේ පවුලේ ආර්ථික තත්ත්වය පහත වැටුණා. ඒ නිසා අපිට උසස් අධ්‍යාපනය කරන්න අමාරු වුණා. අයියා මුහුදු රස්සාවට ගියා. නංගි ගාමන්ට් ගියා. මම ආමි එකට ආවා”

ධනුෂ්ක පවසා සිටියේ එවන් කතාවක්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu