gossiplanka alexa ඇමරිකානු හමුදාවට භූමියේ ඉඩලබා දී ඇති සියළු රාජ්‍යයන්ට ඉරානයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකානු හමුදාවට භූමියේ ඉඩලබා දී ඇති සියළු රාජ්‍යයන්ට ඉරානයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

රාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව යි.  ප්‍රහාරයෙන් කිසිදු ඉරාක වැසියෙක් මිගොස් නැතැයි ඉරාක හමුදාව තහවුරු කරන අතර  ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් බාරගෙන තිබුණා.

කෙසේ නමුත් අමෙරිකාව තවමත් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.  ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සදහා එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කදවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබෙනවා.


ප්‍රහාරවලින් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිලිබදව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් ඉරාන මාධ්‍ය වාර්තාකරන්නේ ප්‍රහාරවලින් අමෙරිකානුවන් 80දෙනෙක් මියගොස් ඇති බවයි. ඉරාකය තුළ පිහිටි හමුදා කඳවුරුවල අමෙරිකානු සෙබලුන් 5 000කට වැඩි පිරිසක් රඳවා සිටිනවා.

මේ අතර තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළ ඉරානය පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කදවුරු පිහිටුවීමට සිය භුමියේ ඉඩකඩ ලබාදී ඇති සියලුම රාජ්‍යයන් මෙවන් ප්‍රහාර සදහා සූදානම්ව සිටින ලෙසයි.කෙසේ වෙතත් පසුගියදා ඉරාක පාර්ලිමේන්තුව පනතක් සම්මත කරමින් අවධාරණය කර සිටියේ සිය භූමියේ සිටින සියලු විදෙස් සෙබලුන් වහාම රටෙන් ඉවත්ව යායුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu