gossiplanka alexa නීති රීති ලිහිල් කර නිවාස සැලසුම් සඳහා එක් දිනක දී අනුමැතිය ලබා දීමට ජනපතිගෙන් උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නීති රීති ලිහිල් කර නිවාස සැලසුම් සඳහා එක් දිනක දී අනුමැතිය ලබා දීමට ජනපතිගෙන් උපදෙස්

හත සඳහන් කරුණු කඩිනමින් ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා. 

* අනුකූලතා සහතිකය එක් දිනකදී ලබාදීම.

* පළමු වතාවට නිවසක් මිලදී ගෑනීමේදී දිගුකාලීන ණය සහ සහනදායි පොළී අනුපාතයක් ලබාදීම.

* කොළඹ අගනගර ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් සැලසුමකට අනුව සිදු කිරීම

* දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස සංවර්ධනය කිරීම

* වේරැස්ස ගඟ ව්‍යාපෘතිය කඩිනම් කිරීම

තව ද නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාඅවධරණය කර තිබෙනවා. දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා එහි දී  උපදෙස් දුන්නා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu