gossiplanka alexa චීනයේ පැතිරයන මාරාන්තික වෛරසයේ ප්‍රභවය නාගයින් බව හෙළිවේ, වෛරසය ශ්‍රී ලංකාවටත් බලපා යි ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ පැතිරයන මාරාන්තික වෛරසයේ ප්‍රභවය නාගයින් බව හෙළිවේ, වෛරසය ශ්‍රී ලංකාවටත් බලපා යි ද?

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ බරපතළ පෙනහලු රෝග ඇති කිරීමට හේතුකාරක වන විද්‍යාත්මකව මීට පෙර හඳුනා නොගත් වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 830 කට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ක්සත් රාජධානියේ විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ වෛරසය ආසාදිත පුද්ගලයින් 1700කට ආසන්න සංඛ්‍යාවක් සිටිය හැකි බවටයි. 

මෙම මාරාන්තික කොරෝනා වෛරසය  වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ හුබෙයි ප්‍රාන්තයේ වන අතර ඒ හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයට ඇතුලූවීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. චීනය නව අවුරුදු සැමරුමට සූදානම් වෙමින් සිටින අතර, බීජිං සහ හොංකොං හි පැවැත්වෙන ප්‍රධාන උත්සව කිහිපයක්ද මේ හේතුවෙන් අවලංගු කර ඇති බවටයි වාර්තාවන්නේ.

මෙම මාරාන්තික නව කොරෝනා වෛරසයේ මුල් ප්‍රභවය නාගයින් ගෙන් හටගෙන ඇති බවට මේ වන විට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. චීනයේ ක්‍රයිට් සහ චීන නාගන් යන විශේෂයන් ගෙන් මෙම වෛරස් රෝග කාරකය හටගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ. චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් කර ගැනීමට රුචිකත්වයක් දක්වනු ලබනවා. මෙම වෛරසයට ගොදුරුවූ පළමු රෝගියා වාර්තාවී ඇත්තේ චීනයේ උහාන් ප්‍රාන්තයේ මාළු සහ මස් අලෙවි කරන වෙළදපොළකින් වීමද විශේෂත්වයක්.

මෙම වෛරස් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී නව කොරෝනා වෛරසය මිට වසර 17 කට පෙර සොයා ගනු ලැබූ සාර්ස් සහ මර්ස් නම් වෛරස් ප්‍රභවයන් සමග සාමානාත්ම තාවයක් දක්වන බවට හෙළිවී තිබෙනවා.

කොරෝනා වයිරසය වාතය හරහා සම්ප්‍රේෂණය වන අතර මූලික වශයෙන් ක්ෂීරපායීන් හා පක්ෂීන්ගේ ඉහළ ශ්වසන හා ආමාශ ආන්ත්‍රයට ආසාදනයට ලක් කරන බවට විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර වශයෙන් කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය විශේෂඥයින්ට හැකියාව ලැබී නැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ. 

නව වෛරසය හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ අතර, නව කොරෝනාවෛරස් රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අතර, වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 

කෙසේවෙතත් ශ්වසන රෝගවලින් වැළකීමට ගත යුතු පියවර ලෙස

1.කහින විට සහ කිවිසුම් යන විට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීම.

2.දෑත් නිරන්තරයෙන් සබන් යොදා සෝදා පිරිසුදුව තබා ගැනීම.

3.නිතර නාසය සහ මුහුණ ඇල්ලීමෙන් වැළකීම.

4.ජනාකීර්ණ ප්‍ර‍දේශවල අනවශ්‍ය ලෙස කාලය ගත නොකිරීම.

5.කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් ජනාකීර්ණ ප්‍රදේශවල ගමන් කිරීම අවම කිරීම. වනි දෑ දක්වා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu