ද කොළඹ මහාධිකරණය  නියෝග කලේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත නිදහස් කර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට යි. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරෙනු ඇති. 

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය ගැන තොරතුරු දැනගෙන සිටියත් ඒ සඳහා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවුනේ යයි මෙම දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද එම දෙදෙනා පසුගිය දා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබුණා.