gossiplanka alexa යොවුන් දැල් පන්දු කණ්ඩායමේ දක්ෂතම විදින්නිය මෙලොව හැර යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යොවුන් දැල් පන්දු කණ්ඩායමේ දක්ෂතම විදින්නිය මෙලොව හැර යයි

යොවුන් දැල් පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වූ මෙලනි අමා විජේසිංහ මෙනවිය දරුණු පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. 17 හැවිරිදි මෙලනිගේ මෙම පිළිකා තත්ත්වය මිට මාස දෙකක පෙර හඳුනාගත්ත ද එය සුව කිරීමට හැකියාව ලැබී නැහැ.

පසුගිය දා ජපානයේ පැවති ආසියානු යොවුන් දැල්පන්දු තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපනායිකාව ලෙස කටයුතු කළ අමා විජේසිංහ ක්‍රීඩිකාව, එම තරඟාවලියේ හොඳම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍රවුණා.

කොළ්ඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබූමෙලනිගේ දැල් පන්දු පුහුනුකාරිණිය යමුනා සදමාලි මහත්මිය ඒ පිළිබද කියා සිටින්නේ මෙවන් කතාවක්.

"මෙලනි කියන්නේ පාසලේ හිටපු දක්ෂ දැල් පන්දු ක්‍රීඩිකාවක් විතරක් නෙමෙයි. ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවක්. මිට මාස දෙකකට පෙර කුරුණෑගල පැවති දැල් පන්දු තරගාවලියක් අතරතුර ඇය හදිස්සියේම අසනීප වුණා. ඒ අවස්ථාවේම ඇයගේ රුධිර පරීක්ෂාවක් සිදු කළා. ඒ අවස්ථාවේ තමයි දැනගත්තේ ඇය පිළිකා රෝගයකින් පිඩාවිදින බව. අපි වහාම දෙමාපියන් දැනුවත් කරලා ඇයව රෝහල් ගත කරලා ප්‍රතිකාර කළා. මාස දෙකක් ප්‍රතිකාර කරමින් සිටියදී ඒ අතර තුර තමයි ඇය  මිය ගියේ. ඇයගේ අවසන් කටයුතු තිබෙන්නේ අංක 48, හංවැල්ල පාර, කිරිදිවැල කියන ලිපිනයේ. අද දහවල් වෙනතුරු බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ඇයගේ දේහය තැන්පත් කර තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ විදින්නියක් බවට පත් වුනා. ඒ වගේම ලෝක කුසලාන දැල් පන්දු ක්‍රීඩාව සදහා සම්බන්ධ වුනා. ආසියානු දැල්පන්දු ශුරතවලියට සම්බන්ධ වෙමින් දක්ෂතා දැක්වුවා. හරිම දක්ෂ දරුවෙක්. ඇයගේ වියෝවීම දරාගන්න ආමාරුයි. අපිට දක්ෂ ක්‍රීඩිකාවක් නැති වුනා කියලා තමයි කියන්න තියෙන්නේ.."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu