gossiplanka alexa HIV ආසාදිත වී ඇතැයි ගමෙන් කොන් වී සිටින දියණියන් - පාසැල් යාමද තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

HIV ආසාදිත වී ඇතැයි ගමෙන් කොන් වී සිටින දියණියන් - පාසැල් යාමද තහනම්

ච් අයි වී ආසාදිත සහ ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් දියණියන් හය දෙනාට සමාජයෙන් සාධාරණය 

ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.
ගලේවෙල අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මෙම දියණියන් හයදෙනා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම විශේෂත්වයකි.


පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර තිදෙනාම විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව ඔවුන් හඬා වැටෙමින් පැවසුවාය.
ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට සහ කිසිදු සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයටම කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් දියණියෝ කියන්නීය .

මෙම දියණියන් සොයා ගලේවෙල අලුත්ගම නීරංගමුව පිහිටි ඔවුන්ගේ නිවස සොයා අප ගේමු ගියෙමු.

මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වේ.

මෙම දියණියන් ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ .මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ පවසන්නීය.

මෙම පවුලේ දෙවැනි දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහත දී පවුල ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බව කියයි .

එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ.

පාසල් වියේ පසුවන දිනිති මදුෂිකා වයස අවුරුදු දාහතරකි .දිලිනි කව්ෂල්‍යා වයස අවුරුදු 13 .කිත්මි හිමායා වයස අවුරුදු අටකි. මෙම තිදෙනාම ගලේවෙල අලුත්ගම නිරංගමුව වීද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගැනීමක් නොමැතිව නිවසට වී සිටි .

ශලනි පේමතිලක 24 හැවරදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්අයිවී ආසාදිත වී ඒඩ්ස් තත්ත්වයට පත් ව අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවය. මාස කිහිපයක් මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මෙම පිරිස කියති.
වැඩිමහල් දීයණිය චිත්‍රා කුමාරි 27 හැවිරිදිය ඇය විවාහවී එක දරුවෙකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

මේ වනවිට සමේ රෝගී තත්වය සඳහා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එය සාමාන්ය හොඳ කර ගැනීමේ හැකියාව පවතින සමේ රෝගයක් බව වෛද්‍යවරුන් පවසති. එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම බවට පත්ව ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරීමය අධ්‍යාපනයක් නොමැති ව නිවසේ රැදවීමය එමෙන්ම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩයක් ලබා නොදීම ය ළිඳකින් වතුර ලබාගැනීමට නොදීමය කිසිදු අයකු ඔවුන් සමග කතා නොකර සිටීමය අඩුම තරමේ වාහනයක වත් මෙම පිරිස ගොඩවීමට ඉඩ නොදීම ය මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව දෙවැනි දියණි දිවි හානිකර ගැනීමට උත්සාහ කොට තිබිණි. වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත ඇය ජීවත් වීමට වාසනාව උදා කරගෙන තිබිණි.

මෙම දියණියන් හයදෙනා සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ එකට මියැදීමට කතිකා කර ගත් බව ඔවුන් හඬා වැටෙමින් කියති .මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි මෙම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටින්නීය.

මෙම දරුවන් පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරන්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ජනක කිත්සිරි මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

"ඒ දරුවන් තුන් දෙනාගේ අක්කා කෙනෙක් රට ඉදල ඇවිල්ල තියෙනව එයාට යම්කිසි රෝගි තත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා ඒ වගේම ඒක අනිත් ලමයිට පැතිර යයි කියන අවදානම හින්දා මම එයාලට කිව්වා ප්‍රතිකාර ලබාගෙන පසුව විද්‍යාලයට එන්නේ කියලා හැබැයි මම ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කිව්වේ නෑ මොකද මම එහෙම දැනුම් දුන්නේ පි ච්ච අයි මහත්තයාටත් කියලා"

ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය .

"මම මේ සිද්දිය දන්නේ නැහැ .විදුහල්පති වරයා මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ .ඒ දරුවන් පාසලෙන් ඉවත් කරනවානම් මාව දැනුවත් කරන්න තිබුනා .මම අදම ඒ පාසලට ගිහිල්ලා මේ ගැන සොයා බලනවා .මොකද මම මේ ගැන මාධ්‍යයෙන් අහනකොට තමයි දැනගත්තේ .මම වහාම සොයා බලනවා ."

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)

උපුටා ගැනීම සමාජ මාධ්‍යජාල ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu