gossiplanka alexa පාස්කු ඉරිදා ප්‍රහාරය ප්‍රභල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පැටවීමේ සූක්ෂම සැලැස්මක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරය ප්‍රභල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පැටවීමේ සූක්ෂම සැලැස්මක්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා අනාවරණය වී තිබෙනවා.

කටුවාපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා අදාල සැළසුම ක්‍රියාත්මක කළ කණ්ඩායම විසින් යම් පාර්ශවයකට යම් මුදලක් ලබා දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වනවා. එය එම සැළසුමේ තවත් පියවරක් ලෙසයි සඳහන් වන්නේ. එසේ මුදල් ලබා දී ඇත්තේ එළඹෙන ඉරිදා දේව මෙහෙයෙන් පසු කටුවපිටිය දේවස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්වීමට බවයි වාර්තා වන්නේ. 

එසේම අදාළ ජනාධිපති අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට  සිදුකරන මෙම සූක්ෂම වැඩපිළිවෙල වෙනුවෙන් කතෝලික පූජකවරුන් යොදා ගනිමින් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටත්, නොවැම්බර් 01 වන සිකුරාදා දින මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරුවන අදාල වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu