gossiplanka alexa ගෝඨාභයට තවත් ජයක්, ඇමරිකාව ගෝඨාට එරෙහි නඩුව අවලංගු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයට තවත් ජයක්, ඇමරිකාව ගෝඨාට එරෙහි නඩුව අවලංගු කරයි

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව  ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකිවයුතු බව දක්වමින් අහිම්සා වික‍්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා. මෙම නඩුව ගොනු කළ අහිම්සා ඇමරිකාවේ පුරවැසියෙක්. 

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිය ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගැනීම නිසා තවදුරටත් ඔහුට එරෙහිව එම නඩුව ගෙනයා හැකිද යන්න ගැන කැලිපෝනියා අධිකරණය ඉදිරි දින කීපය තුළදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතයි. 

මෙම නඩුව විභාග කරන්නේද එසේත් නැත්නම් එය නිෂ්ප‍්‍රභ කරන්නේද යන්න ගැන අධිකරණය ගන්නා තීරණය පිළිබඳව බලාපොරොත්තුව සිටින බව ඇමරිකාවේ සී. ජේ. ඒ. සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා. 
.
ඊයේ (7දා) මෙම නඩුව විභාගයට ගැනීමට පෙර අහිම්සා වෙනුවෙන් පෙනීසිටි සිබොවොයිස් පිල්ම්ස්මන් සමාගමේ නීතිවේදිවරු තමන් වාචික කරුණු ඉදිරිපත් කරන බව පවසා තිබුණා. 

ඪිවයින පුවත්පත ඇසුරින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu