gossiplanka alexa සජිත් ජනාධිපති අපේක්ෂක කිරිමට රනිල් ගත් තීරණයත් සමඟම පක්ෂය නොසන්සුන්, ප්‍රබල ඇමතිවරුන් පිල් මාරු කරන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් ජනාධිපති අපේක්ෂක කිරිමට රනිල් ගත් තීරණයත් සමඟම පක්ෂය නොසන්සුන්, ප්‍රබල ඇමතිවරුන් පිල් මාරු කරන ලකුණු

දිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීන්දුවත් සමඟම එම පක්ෂයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකු නොසතුටෙන් පසුවන බව වාර්තා වනවා.

මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට යටත්ව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම සිදු කරන අබ්වයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එම කොන්දේසි තුන නම් 

විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
බලය බෙදීම
රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම යනුවෙන් බව කියවේ.
මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබෙනවා. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වනවා. 

මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති. 

නමුත් මෙම තීරණයට විරුද්ධ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසුව තම දේශපාලන ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් ස්වාධීනව සිටීමට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට වැඩි ඉඩකඩක් ඇති බව සමීපතම ආරංචි මාර්ග කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu