gossiplanka alexa තිස්ස අත්තනායක තම තීරණය ගැන සජිත්ට ලිපියකින් දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිස්ස අත්තනායක තම තීරණය ගැන සජිත්ට ලිපියකින් දන්වයි

ක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙලවලින් ඉවත්ව සිටින පක්ෂ සාමාජිකයින්ට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කලා. එම ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පිළිතුරු ලිපියක් යොමු කර ඇති බව සඳහන්.

"පළමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කල බව ගෞරවයෙන් දන්වා සිටිමි. එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසාවෙනි. 2015 ජනාධිපතිවරණයට පක්ෂයේ  අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අප අත්විදින අනතුර මා දුටු නිසාත් ඒ පිළිබඳව මා නැඟු හඩ, නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇතිවූ බරපතල කම්පනය එම තීරණය ගැනීමට හේතුවක් විය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව මම එළිදක්වන “නොකියු කතා“ ග්‍රන්ථයේ සටහන් වේ. පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට පක්ෂය ජයග්‍රහණය කරවීමට මා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදාවී ඇති බැවින් යළිත් ඔබතුමා සමඟ අත්වැල් බැද ගනිමි. ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා ඔබතුමා සමඟ මේ මොහොතේ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම මාගේ යුතුකම සහ වගකීම වන බැවිනි.

හෙට දිනයේ ඔබතුමාගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට මා මෙන්ම පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ටම යලි එක්වන ලෙස ආරාධනා කරනු කැමැත්තෙමි.

ඔබතුමා සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යලි තිර කිරීමට මාගේ සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් මා කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් ප්‍රතිඥාවක් දෙනු කැමැත්තෙමි." යනුවෙන් එම ලිපියේ සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu