කැළණියේ රජමහා විහාරයේ දායක සභා සභාපති ධූරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ යෝජනාවක් අද පස්වරුවේ සම්මතකරගනු ලැබුවා. ඒ අද පැවති එම විහාරථානයේ දායක සභා රැස්වීමේ දී.
2020 දුරුතු මහා පෙරහැර ගැන සාකච්ඡා කිරීමට දායක සභාව අද පස්වරුවේ දී රැස් වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට එම අවස්ථාවේ දී යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ස්ථිර කෙරුණා. පසුව විහාරාධිපති හිමියන් ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සිදු කලා. එහි දී අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.


