gossiplanka alexa පොහොට්‍ටුව ලකුණෙහි වෙනසක් නැහැ - ජනාධිපති ගෝඨා සමඟ එකම වේදිකාවක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුව ලකුණෙහි වෙනසක් නැහැ - ජනාධිපති ගෝඨා සමඟ එකම වේදිකාවක

යේ (28) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව කදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති බවයි. 

මෙම මැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ඉදිරි මහ මැතිවරණය වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා සාකච්ඡා කර එකඟතාවයක් ඇති කර ගත යුතු බවත් එහි දී ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා. 

ජනාධිපතිවරයාට ඊට ප්‍රතිචාර ලෙස සඳහා ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් කරන බවයි. එන සදුදා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව මේ ගැන තීන්දුවක් ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්ව සිටියා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණ සිටින බව දේශය පුවත්පත වාර්තා කරනවා.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පැවැත්වුණා.මෙම සාකච්ඡා ඉතා සුහදව පැවති අතර එහිදී ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපක්ෂය අතර ගොඩනගන සන්ධානය ගැන අවසන් තීරණ ගෙන තිබෙන බව සඳහන්. මෙම නායකයන් ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ගෝඨාභය වෙනුවෙන් ප්‍රචාරක රැලි අමතනු ඇති.




.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu