gossiplanka alexa දේශපාලන පෙරළියක් කරමින් රණතුංග සහෝදරයින් එකම පිළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලන පෙරළියක් කරමින් රණතුංග සහෝදරයින් එකම පිළට

ම්පහ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායක රුවන් රණතුංග මහතා  ගම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව තිබෙනවා. 

අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් රුවන් රණතුංග මහතාතත් සහභාගි වූ මහජන රැස්වීමක් ඊයේ දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. 

දෙදෙනා එකම වේදිකාවක සිට දේශපාලන කටයුතුවල නිරත වූ පළමු අවස්ථාව මෙය වුණා. එය දේශපාලන පෙරළියක නිමිත්තක් බවත් බොහෝ විට රුවන් රණතුංග ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණින් සිය දේශපාලන කටයුතු සිදු කරනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ නමුත් අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග ගේ තවත් සහෝදරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනින් මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් සහාය දක්වමින් කටයුතු කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu