gossiplanka alexa දෙමළ ජනතාවගේ ඡන්දය ලබා දිය යුත්තේ කාහට දැයි විග්නේෂ්වරන් දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමළ ජනතාවගේ ඡන්දය ලබා දිය යුත්තේ කාහට දැයි විග්නේෂ්වරන් දැනුම් දෙයි

සුගියදා වවුනියාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා  කියා සිටියේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව බුද්ධිමත් තීරණයක් ගතයුතු බවයි. ඔවුන්ගේ ගැටළු වලට  සම්පූර්ණ විසඳුම් හෝ එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදිය හැකි ජනාධිපතිවරයකු  අපේක්ෂා කරන බව ඔහු පවසනවා.

''අපගේ ගැටලුවලට විසඳුම් ලබාදෙනු ඇති බවට විශ්වාස කරමින් 2015 වසරේදී අයකු බලයට පත් කළා. ඔහු මහවැලි අධිකාරියේ නාමයෙන්අපගේ ඉඩම් ආක්‍රමණය කළා මිසක ලබාදුන් විසඳුමක් නැහැ. ජනාධිපතිවරයකු ලෙස තේරී පත්වන්නේ සිංහල බහුතරය නියෝජනය කරනු ලබන අපේක්‍ෂකයකු පමණයි. ඔහු කවරකු වුවත් කවර පක්‍ෂයක වුවත් ඔහු දෙමළ ජනතාවගේ ගැටලු විසඳා දීමට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකියි. අප අපගේ ඉල්ලීම් එම අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කළ යුතුයි. එවිට ඔවුන් ලබාදෙන ප්‍රතිචාරය කුමක්ද යන්න දැනගත යුතුයි. ඉන් පසුව අප තීරණයක් ගත යුතුයි'' යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. 

''ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස තේරී පත් වූවන්ට අවම වශයෙන් සියයට 51ක්වත් මනාප ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. මේ මැතිවරණයේදී අප ඡන්ද ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඉතිරි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 51ක් ලබා ගන්නා පුද්ගලයා ජනාධිපතිවරයා බවට පත්වේවි. නමුත් සියලුම දෙමළ ජනතාව ඡන්දය භාවිත කළහොත් සියයට 51ක් ලබාගැනීම අසීරු විය හැකියි. එබැවින් අපි කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් අවධාරණය යොමු කළ යුතුව තිබෙනවා.

ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මා හට පෞද්ගලික මතයක් ඇත්තේ නැහැ. අවශ්‍ය වන්නේ අප ගන්නා සෑම පියවරක්ම අනාගතයේ දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකිවනු ඇතිද යන්න පමණයි. එබැවින් අනෙකුත් දේශපාලන පක්‍ෂවල ජනාධිපති අපේක්‍ෂකයන් නම් කළ පසුව අපට අවසන් තීරණයක් ගත හැකියි'' යැයි හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu