gossiplanka alexa ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ හැරවුම් ලක්ෂයක්, පන්දු යවන්නන්ට විප්ලවීය වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ හැරවුම් ලක්ෂයක්, පන්දු යවන්නන්ට විප්ලවීය වෙනසක්

සුගියදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී දෙයක් සිදු කලා. ඒ  ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් නිපදවන ලද විශේෂ මයික්‍රො  චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුව’ එළිදැක්වීමයි.  .  ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මෙම පන්දුව පළමුවරට අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම ස්මාර්ට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය, තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිතවීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්‍ෂණිකව නිවැරැදි වාර්තා ලබාගැනීමේ හැකියාව ආදී දේ සිදු කළ හැකි බවයි පැවසෙන්නේ. ,මේ වනවිට භාවිත වන ක්‍රමවේදයට වඩා නිවැරදි දත්ත මෙම ස්මාර්ට් පන්දුවෙන් ලබාගත හැකි බවද එහි නිෂ්පාදකයෝ පවසනවා. එමෙන්ම වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් ද මෙම පන්දුව මඟින් ක්‍ෂණිකව ග්‍රහණය කර ගැනීමට ද මෙම පන්දුවට හැකියාව තිබෙනවා. එය මින් පෙර නොවූ විරූ අයුරින් එම අවස්ථාවේදීම ලබාගැනීමේ හැකියාව පැවැතීම මෙම පන්දුවේ ඇති තවත් සුවිශේෂත්වයක්. 

මීට වසර 3කට පමණ පෙර මෙම පන්දුව අත්හදා බලා තිබුණද ඒ වනවිට එහි තිබූ තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර ඇති බව මෙම පන්දුවේ නිෂ්පාදිත සමාගම පවසනවා. ඒ අනුව පැයට කිලෝමීටර් 150කට අධික වේගයෙන් යවන පන්දුවකට පිතිකරුවෙක් වැරෙන් එල්ල කරන පහරක් වුවද අවශෝෂණය කරගනිමින් නිවැරදි දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව මෙම නව පන්දුව සතු බවද පැවැසෙනවා.

මේ අතර ඉදිරියේදී විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ කටයුත්තේදී වඩාත් නිවැරදි තීරණ ලබාදීම සඳහා මෙම පන්දුව යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස්කර ඇති බවද එම වාර්තාවන්වල වැඩිදුරටත් සඳහන් වනවා.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu