gossiplanka alexa දේවස්ථානවලට පහර දීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා මරාගෙන මැරෙන යුවළක් ශ්‍රී ලංකාවෙන් පිලිපීනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේවස්ථානවලට පහර දීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා මරාගෙන මැරෙන යුවළක් ශ්‍රී ලංකාවෙන් පිලිපීනයට

කුත් අප්‍රේල් 21 වනදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ ත්‍රස්තවාදීන් යුවළක් පිලිපීනයට ඇතුළු වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කරනවා. 

ශ්‍රී ලංකාවේ සිට පිලිපීනයට ගොස් ඇති මොවුන් දෙදෙනා මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ ලෙස හඳුනාගෙන තිබෙනවා. 

ස්ට්‍රේට්ස් ටයිම්ස් වාර්තා කරන්නේ මොවුන් බෝම්බ සෑදීම සහ එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බවයි.  ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ලෙස ලැයිස්තුගත කර ඇති බව සඳහන්.

 මාර්ක් කෙවින්ගේ පිලිපීන ජාතික මව ඩුබායිහි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබෙනවා. මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා අතර සමීප සබඳතාව පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පිලිපීන ආරංචි මාර්ග සඳහන් කළේ.

වික්ටෝරියා සොෆියා පිලිපීන සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දරණ අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පිලිපීනයට ගොස්  තිබෙනවා. සැම්හූන් ගොස් ඇත්තේ මේ වසරේ ජුනි මාසයේදියි. ඉස්ලාමීය අන්තවාදීන් විසින් පිලිපීනයේ - මැනිලා අගනුවර ඇතුළු ලූසොන් දිවයිනේ ජනාකීර්ණ නගර රැසක් ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවටයි එරට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

මොවුන් දෙදෙනා සොයා පිලිපීන ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu