gossiplanka alexa කාටූන් චරිතයක් ප්‍රයෝජනයට ගෙන අභිරහස් Area 51 ප්‍රදේශය වටලන්න ලක්ෂයකට අධික පිරිසක් සූදානම්වන හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාටූන් චරිතයක් ප්‍රයෝජනයට ගෙන අභිරහස් Area 51 ප්‍රදේශය වටලන්න ලක්ෂයකට අධික පිරිසක් සූදානම්වන හැටි

මෙරිකා එක්සත් ජනපදයේ ඇති 'ඒරියා 51’ ලෙස හඳුන්වන අබිරහස් ප්‍රදේශයේ අධිතාක්ෂණික මෙවලම්වලට ඇතුළු වී එම තොරතුරු දැනගන්නට පිරිසක් සූදානම්වන බව පසුගිය කාලයේ දැනගන්නට ලැබුණා. මේ පිරිස එකතු වී ඇත්තේ ෆේස්ස්බුක් හරහායි. බොහෝ තාක්ෂණික දැනුමින් සමන්විත වූවන්ගෙන් සැදි මෙම කණ්ඩායම ‘ඒලියන් හන්ටර්ස්’ හෙවත් පිටසක්වළ ජීවීන් හඳුනාගන්නන් දඩයම් කරන්නන් බවට හෙළිදරව් කරමින් ක්‍රියාන්විතය මුදා හැර තිබුණා.

දැනට මෙම පිරිස 1,65,000ක් පමණ බවත් ලක්ෂ දෙකක කණ්ඩායමක් නිරතුරුව  උත්සාහයේ යෙදෙමින් තාක්ෂණික හරඹයන් කරමින් සිටින බවත් ඔවුන් සඳහන් කරනවා. 

ලබන සැප්තැම්බර් 20දා මෙම උත්සාහවන්ත කණ්ඩායම නෙවාඩා ප්‍රාන්තයේ ඇමර්සෝනා ප්‍රදේශයට රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අතර සිටින පරිගණක මෘදුකාංග පිළිබඳ ඉහළම දැනුම ඇත්තෝ ‘නරුටෝ උසුමාකි’ නම් කාටූන් චරිතයේ ස්වභාවය අනුකරණය කරගනිමින් තම උත්සාහයට එරෙහිව එන බලවේගවලට මුහුණ දෙන්නටත්, උත්තර බඳින්නටත් සූදානමින් සිටිනවා. 

“අපේ උත්සාහය කාටවත් නවත්වන්නට පුළුවන්කමක් නෑ. අප කෙසේ හෝ මේ තොරතුරු සොරා ගන්නවා. ලෝකයට විවර කරනවා. ඒ වෙනුවෙන් හිත ඇති අය එක්වෙයල්ලා” යන්න ඔවුන්ගේ පරමාර්ථයේ හරයයි.

ඇමෙරිකානු ගුවන් හමුදාවත්, රජයත්, ඔත්තු සේවා ප්‍රධානීන්ද මෙම උත්සාහයට එරෙහිව වචනයකුදු පවසා නැතත් ඕනෑම රහසිගත පරිගණක පද්ධතියකට රිංගා ගොස් ඕනෑම කෙනකුගේ සජීවී තත්ත්වයන් හා තොරතුරු සියුම්ව සොරාගත හැකි තාක්ෂණික මෙවලම් සතු ඇමෙරිකානු බුද්ධි සේවා මෙම ක්‍රියාවනට රහසිගතව  ප්‍රතිචාර දක්වනුයේ කුමන ආකාරයෙන්දැයි තවමත් පැහැදිලි නැති කරුණක්. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu