gossiplanka alexa හිටපු ජනාධිපති ප්‍රේමදාසට එරෙහි වූ පක්ෂයකින් සජිත් ජනාධිපතිවණයට?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනාධිපති ප්‍රේමදාසට එරෙහි වූ පක්ෂයකින් සජිත් ජනාධිපතිවණයට?

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින්  පිහි‍ටුවන ලද පක්ෂය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණයි. එය එවකට ක්‍රියා කරන ලද්දේ එජාපයට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙසයි.

මෙම දේශපාලන පක්ෂය දැන් නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කිරීමත් සමඟයි.

එම පෙරමුණේ වත්මන් නායක ආරියවංශ දිසානායක සමග ඇමැති සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප ප්‍රබලයන් කිහිපදෙනකුම සාකච්ඡාවට ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වනවා. සජිත් ප්‍රේමදාසට එ.ජා.ප. ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ලියාපදිංචි වෙනත් දේශපාලන පක්ෂයකින් ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu