කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම  මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.  ඊයේ දිනයේ  මහේෂ් සේනානායක මහතා හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

හමුදාපති ධුරයට පත් කිරිමත් සමග ඒ මහතා ලුතිනන් ජනරාල් ධුරයට උසස් වෙයි.  ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණයෙන් පසුවද ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරය දැරීමට නියමිතව තිබෙනවා