gossiplanka alexa විග්නේෂ්වරන් ගෝඨාට බයවෙයි, ඡන්දෙ දෙන්න එපා යැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විග්නේෂ්වරන් ගෝඨාට බයවෙයි, ඡන්දෙ දෙන්න එපා යැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලයි

යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසා සිටියේ  සිංහල බෞද්ධ තේමාවේ සිටින අපේක්ෂකයෙකුට දෙමළ ජනතාව සහාය නොදිය යුතු බවයි.

“සැබෑ දෙමල ජාතිකයෙක් නම් ගෝඨාභයට ඡන්දය දෙන්නේ නැහැ.එයාට එරෙහිව නඩු දෙක තුනකුත් තියෙනවා. මහින්ද රාජපක්ෂ මෙයාව ජනාධිපතිවරණයට ඇයි දැම්මේ කියලා නම් දන්නේ නැහැ.

ඒත්, එයා පැමිණෙන එකෙන් දෙමළ මිනිස්සුන්ට අඳුරු යුගයක් එන එක නම් ස්ථිරයි.

ඇයි කිව්වොත්, එයා මේක සිංහල බෞද්ධ රටක් කියලා තේමාවේ ඉන්න කෙනෙක්. ඒක තහවුරු කරන්න ඕනම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එයා ප්‍රජාතන්ත්‍රවාදි විදිහට හිතන කෙනෙක් නෙවෙයි.

ඒ හින්දා ගෝඨාභයට සහය දෙන්න කියලා මං කොහෙදිවත් කිව්වේ නැහැ. සහ‍යෝගය දෙන්න හොඳ නැහැ කියලයි මගේ ස්ථාවරය.” යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu