gossiplanka alexa රිෂාඩ් බදුර්දීන්ගේ සහාය ලබා ගතහොත් සංඝරත්නයේ සහාය ගෝඨාට අහිමිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදුර්දීන්ගේ සහාය ලබා ගතහොත් සංඝරත්නයේ සහාය ගෝඨාට අහිමිවන ලකුණු

සිංහලයේ විමුක්ති පෙරමුණේ සහ සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසන්නේ රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන්ගේ සහයෝගය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කළොත් මහ සංඝරත්නය සහාය එතුමාට නොලැබී යාමට ඉඩ ඇති අබ්වයි.  පසුගියදා දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියා.

වැඩි දුරටත් අදහස්  දැක්වූ උන්වහන්සේ කියා සිටියේ,

"අපිට අද රට ගැන හිතන්න වෙලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව තුළින් රට විශාල ලෙස දූෂණය වෙලා තියෙන්නේ. මාධ්‍ය තුළින් පසුගියදා ලංගම තුළ පවතින වංචා - දූෂණ පෙන්වනවා අපි දැක්කා. ලංගම දැනටමත් විශාල පාඩුවක් ලබන ආයතනයක් බවට පත්වෙලා තියෙනවා. දවසින් දවස ලංගම ප්‍රපාතයට වැටෙනවා. එක බස් එකකට අද සේවකයන් 18 දෙනකු නඩත්තු කරන්න වෙලා තියෙනවා. මේ පිටුපස විශාල වංචා දූෂණ තියෙනවා. මේවා විමර්ශනය කරලා සුද්ද පවිත්‍ර කරන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් පණ අදිමින් ලංගම මැරිලා යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට වාහන 538ක් අතුරුදන් වෙලා තියෙනවා. මේ පසුගිය ආණ්ඩුවේ සිට සිදුවූ වංචාවක්. මේ වාහනවලට මොකද වුණේ. ජනතා මුදල් අවභාවිත කිරීමක් තමයි සිදුවෙලා තියෙන්නේ. සෑම අමාත්‍යාංශයකම මෙවැනි ගැටලු තියෙනවා. මේ ගැටලුවලට බලධාරීන් මැදිහත් වෙන්නෙත් නෑ. නිලධාරීන් මැදිහත් වෙන්නෙත් නෑ.

රටේ නායකයා ජනාධිපතිතුමාද අගමැතිවරයාද නැතිනම් රිෂාඩ් බදියුදීන්ද? මොකද බෝම්බ ගහපුවහම ඒකේ වගකීම භාර ගන්න කවුරුවත් නෑ. තේරීම් කාරක සභාව තුළින් වැරැදිකරුවන් සුද්ද කරගෙන යනවා. 

පිට රටින් කුණු ගෙනාවා. ගෙනාව පුද්ගලයා කවුද කියලා තාම දන්නේ නෑ. මේ වගේ තත්ත්වයක් තුළ ආණ්ඩුවක් මොකටද? පාලකයෝ මොකටද? මෙහෙම පාලකයෝ පොල්පිත්තෙන් කපා ගන්න පුළුවන්. නායකයෙක් නැති වුණත් රටක් විනාශ වෙනවා. නායකයෝ ගොඩක් හිටියත් රටක් විනාශ වෙනවා.

අග්‍රාමාත්‍යතුමා උතුරු පළාතට ගියා රෝහලක් විවෘත කරන්න. මේ රෝහල හදලා තියෙන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා. එහිදී එතුමා කියනවා රිෂාඩ් බදියුදීන්ට මේවා කරන්න මුදල් එන්නේ කොහෙන්ද කියලා අපි දන්නෙ නෑ කියලා. ලොකු බරපතළ ප්‍රශ්නයක් මේක. රටේ දෙවැනි පුරවැසියා මේ කතාව කීවේ. ඒක තමයි අපිත් මෙච්චර කල් කීවේ" යනුවෙන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu