gossiplanka alexa අකිලට සහ විලියම්සන්ට පන්දු යැවීමේ චෝදනා, අකිලට ක්‍රිකට් තහනම්වන අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අකිලට සහ විලියම්සන්ට පන්දු යැවීමේ චෝදනා, අකිලට ක්‍රිකට් තහනම්වන අවධානමක්

න්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ (20) නිවේදනය කළේ පසුගිය අගෝස්තු 14 සිට 18 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී  ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී  ලංකා කණ්ඩායමේ  පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා නවසීලන්ත නායක කේන් විලියම්සන් පෙන්නුම් කළ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවයි. ඒ අනුව අකිල සහ විලියම්සන්, එම නීත්‍යනුකූල නොවන පන්දු යැවීමේ ඉරියව් වාර්තා වූ අගෝස්තු 18 වැනිදා සිට දින 14ක් ඇතුළත අයි.සී.සී. පරීක්ෂාවන්ට භාජන විය යුතු බව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා. 

කෙසේ වුවත් එම පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන තෙක් එම දින 14 තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීමේ අවස්ථාව මොවුන් දෙදෙනාට හිමිවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අයි.සී.සී.ය විසින් චෝදනා එල්ල කළ දෙවැනි අවස්ථාව මෙය වනවා. පසුගිය වසරේ නොවැම්බර් මස ගාල්ලේදීම පැවැති එංගලන්ත-ශ්‍රී  ලංකා පළමු ටෙස්ට් තරගයේදීද අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව අයි.සී.සී.ය පළමු වරට නිවේදනය කළා. ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව පන්දු යවන්නන්ට අත නැමිය හැකි අංශක 15ක උපරිම කෝණය අකිල ධනංජය ඉක්මවා යන බව අයි.සී.සී.ය විසින් තීරණය කිරීමත් සමඟ එම වසරේ දෙසැම්බර් මසදී ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සී.ය පියවර ගෙන තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව අකිල යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගත් බව අයි.සී.සී.යට පරීක්ෂණාත්මකව තහවුරු කර ගනිමින්.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් නීති පද්ධතියට අනුව යම් පන්දු යවන්නකුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල නොවන බව තහවුරු වී වසර දෙකක් තුළ යළිත් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ස්වයංක්‍රියව පන්දු යවන්නාට වසරක තහනමක් හිමිවනවා. යම් හෙයකින් අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යනුකූල නොවන බව යළිත් තහවුරු වුවහොත් අවසන් වරට එලෙස චෝදනා ලැබ වසර 2ක කාලයක් ගතවී නොතිබීමත් සමඟ ඔහුව ක්‍රිකට් තහනමකට ලක්වීමේ අවධානමක්ද මතුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu