gossiplanka alexa සෑම සිරකාරයෙක්ටම මඩු වලිගයෙන් පහරක් ගසන්න, අපරාධ කෙටි කලකින් අවසන් කරන ජනාධිපති අපේක්ෂකයෙක් මාතරින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෑම සිරකාරයෙක්ටම මඩු වලිගයෙන් පහරක් ගසන්න, අපරාධ කෙටි කලකින් අවසන් කරන ජනාධිපති අපේක්ෂකයෙක් මාතරින්

සෑම වෙසක් පොහොය දිනකදිම තමන් උපයාගත් මුදලින් දන්සැලක් දෙන යූ.ඩබ්.කේ.ඩබ්.අප්පුහාමි කියන්නේ මාතර නගරයේ ඉන්න කා අතරත් ප්‍රසිද්ධ යාචකයෙක්. මාතරින් ලැබෙන අළුත්ම වාර්තාව තමයි ඉදිරි ජනාධිපතිවරණයටඅප්පුහාමි මහතාත් ඉදිරිපත් වීමට නියමිත බව.  අප්පුහාමි මහතා  තවත් විවිධ සමාජ සේවා කටයුතුවලද නිරත වුවෙක්.

“මම මාතර නගරයේ යාචකයෙක් විදියට කටයුතු කරනවා. මම නිදාගන්නේ දෙවුන්දර කඩපිලක. ඉතිරි කරගත් ලක්ෂ 2ක පමණ මුදලක් හිතවත් අයෙකුගේ ගිණුමේ  තියෙනවා. ඒ මුදල් භාවිතා කරලා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස. දැනට මම මැතිවරණ කාර්යාලයට  අවස්ථා දෙකක් ගියා මේ  සම්බන්ධව කතා කරගන්න. 

මම ජනාධිපතිවරණයට තරග කරන්න හිතුවේ  අද පවතින රටේ තත්ත්වය නිසයි. වෙසක් පොහොය දිනයට මම දන්සැලක් මාතර නගරයේ නොකඩවා පවත්වනවා. මම හිතන්නේ ලංකාවම  මාව දැනගත්තේ එකෙන්. මම ජනාධිපතිවරණයේදි පෝස්ටර් කටවුට්  මොනවත් පාවිච්චි කරන්නෙ නැහැ. පුවත්පතේ, රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ අපේක්ෂකයන්ට වෙන් කරලා දෙන කාලය මට හොඳටෝම  ඇති.

මම ජනාධිපති  වුනොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. හිරකාරයෝ වැඩිකල් තියන්නෙ නැහැ. වැඩිම දඬුවම අවුරුද්දයි. අඩුම දඬුවම සතිය. හිරකරුවන් බලන්න යන්න දෙන්නේ  ඒවා මුකුත් නැහැ. එල්ලූම්ගස් නැහැ.  සෑම සිරකාරයෙක්ටම මඩු වලිගයෙන් පාරක් ගහනවා . අවුරුද්දක් හිටියොත් අවුරුද්ද පුරාම ගහනවා දවසට එක බැගින් . මරණ එක නෙමෙයි කරන්න ඕන වැරදි අවබෝධ වෙන්න විඳවන්න ඕන.

ඒ වගේම ලොතරැයි  කොමිස් වැඩිකිරිම , ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පැරණි ගීත සහ හින්දි ගීත සදහා දවසට පැය 6ක් වෙන් කිරිම.  රටේ  සිදුවෙන අපරාධ කෙටි කලකින් අවසන් කර යහපත් සමාජයක් ඇතිකිරිම . රාජත‍්‍රාන්ති‍්‍රක විදෙස් ගමන් හෝ වටිනා රථ භාවිතා නොකිරිමට වග බලා ගැනිම වගේ පොරොන්දු පත‍්‍රයක් තියෙනවා ජනතාවට දෙන්න. මම හිතනවා ජනතාව මම වගේ කෙනෙක්ටත් අවස්ථාව දෙයි කියලා"

ඉදිරි ජනධිපතිවරණයට ඉදිරිපත්වන අප්පුහාමි මහතා තමන්ගේ ඉදිරි සැලසුම් ගැන පැවසුවේ එවන් කතාවක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu