gossiplanka alexa කුලේගේ සමුගැනීමේ උපහාර තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් - කුලසේකරගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලීමක් - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුලේගේ සමුගැනීමේ උපහාර තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් - කුලසේකරගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලීමක් - PHOTO

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ශ‍්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි කර ගත්තා. 

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 294 ක් රැස් කළා. එහි දී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 54 රැස්කලා. ශ‍්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාර 10 දී ලකුණු 106 ක් රැස් කිරීමට සමත්වීම ද මෙහිදී කැපි පෙනුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කල බංග්ලාදේශ කී‍්‍රඩකයින්ට ලබා ගැනීමට අහෙකි වුණේ සියළු දෙනා දැවී ලකුණ්U 172ක් පමණි. ඒ පන්දුවාර 36කට මුහුණදෙමින්. මේ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 122ක ජයග්‍රහනයක් හිමි වුණා. 

තරඟයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කල අතර වැඩිම හයේ පහරක් එල්ල කල ක්‍රීඩකයා සහ තරඟයේ හොඳම ක්‍රීඩකයා සම්මානය දසුන් ශානක හිමි කර ගත්තා. 

මේ  අනුව තරඟ තුනකින් සමන්විත වූ බංගලදේශ-ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය 3-0 ලෙසින් ශ්‍රී ලංකා පිලට හිමි වුණා. තරඟාවලියේ වීරයා වූයේ  ඇන්ජලෝ මැතිව්ස් ය. 

මෙම තරඟයේ දී ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගත් ශ‍්‍රී ලංකා කී‍්‍රඩක නුවන් කුලසේකරට උපහාර පිදීමක් සිදු කරන ලැබුවා. 

මෙහිදී සමුගැනීමේ කතාවක කල නුවන් කුලසේකර ලසිත් මාලිංග වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කල සිටි අතර මෙතෙක් උපහාර නොලබා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයින් වෙනුවෙන් සුළු හෝ උපහාරයක් පවත්වන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කලා. නුවන් කුලසේකර ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් ශම්මි ප්‍රසන්න මහතාට සහ ඔහුගේ ගුරුවරයා වූ චම්පක රාමනායක මහතාට විශේෂ උපහාර තිළිණ ප්‍රදානයක් ද නුවන් කුලසේකර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් සිදු කරනු ලැබුවා. 













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu