gossiplanka alexa මැතිවරණ ‍රැළිවලදී අධිබලැති පිපිරුම් මඟින් ප්‍රභූ ඝාතන සිදු කිරීමේ සැලසුමක්, උපදෙස් විදෙස් රටින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණ ‍රැළිවලදී අධිබලැති පිපිරුම් මඟින් ප්‍රභූ ඝාතන සිදු කිරීමේ සැලසුමක්, උපදෙස් විදෙස් රටින්

රක්‍ෂක අංශ හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා වූ සැලසුමක්.  

ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී තමයි මේ බව හෙළිවී තිබෙන්නේ. 

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයන් බවත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්ද ප්‍රහාරයට ඉලක්ක කල බවත් අත්අඩංගුවට පත්  සින්නයියා සිවරූබන් තව දුරටත් හෙළි කර තිබෙන්වා. 

මෙම සැලසුමට අනුව පසුගිය කාලය තුළ සිය වෛද්‍ය වෘත්තියට මුවා වී සින්නයියා සිවරූබන් අධිබල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ එක්රැස් කර තිබෙන අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නැවත ප‍්‍රතිසංවිධානය කරමින් ඔවුන් ප‍්‍රහාර සඳහා යොදවා ගැනීමට ද සූදානමින් සිට ඇති බවයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ. ඉතා සූක්‍ෂම අයුරින් මොහු විදේශගත කොටි ප‍්‍රබලයන්ගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලයක සිට කි‍්‍රයාත්මක කර තිබෙනවා. මේ සඳහා සී 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200 ක පමණ ප‍්‍රමාණයක් යොදා ගැනීමට සූදානම්ව සිටි බව ද අනාවරණය වී තිබෙනවා.

එසේම මෙරට ප‍්‍රභූ හා හමුදා ප‍්‍රධානීන් විදේශගත වන අවස්ථාවන්හිදී එම රටවලදී ඔවුන් ඝාතනය කිරීමට ද එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සැලසුම් කර තිබෙන බවත් තොරතුරු හෙළිවී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu