gossiplanka alexa ගෝඨා සමඟ අවබෝධතා ගිවිසුමක්, එජනිස පුරප්පාඩු මන්ත්‍රීධූරයට හිස්බුල්ලා ඇතුළු පිරිසකගෙන් විශාල ඉල්ලුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා සමඟ අවබෝධතා ගිවිසුමක්, එජනිස පුරප්පාඩු මන්ත්‍රීධූරයට හිස්බුල්ලා ඇතුළු පිරිසකගෙන් විශාල ඉල්ලුමක්

ළැඹෙන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන පක්‍ෂ සමුළුවේ දී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය සහාය දෙන්නේ කාටදැයි ඉඟියක් සපයන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. 

මෙම තීරණය ගැනීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් හි ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා සමගත් වෙන වෙනම සාකච්චා කරන බවද හිදී එකගතාවයකට පැමිණීමට හැකිවුනොත් ඔහු සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා. 

අද (26) පස්වරුවේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවද මහ ලේකම්වරයා පවසනවා. තව ද දැනට පුරප්පාඩු වී ඇති එජනිස ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සදහා දැඩි සටනක් ඇතිව තිබෙන බවත් ඒ සඳහා දැනටමත් ලිඛිත ඉල්ලීම් 19ක් පමණ ලැබී තිබෙන බවත් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. 

ශාන්ත බණ්ඩාර මහතා සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම මන්ත‍්‍රී ධුරය පුරප්පාඩු වුණා. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ලංකා කම්කරු කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය, ශ‍්‍රී ලංකා මහජන කොංග‍්‍රසය මෙන්ම ශ‍්‍රීලනිප පිරිසක්ද මෙම මන්ත‍්‍රී ධුරය ඉල්ලා සිටින බවත් අමරවීර මහතා පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu