gossiplanka alexa එජාප කැරළිකාර කණ්ඩායමෙන් අගමැතිට ලිපියක්, මංගලගේ නිවසේ දී තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප කැරළිකාර කණ්ඩායමෙන් අගමැතිට ලිපියක්, මංගලගේ නිවසේ දී තීරණයක්

ජාප කැරලිකාර කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුව සඳහා සජිත් පිලේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට  ලිපියක් අත්සන් කිරීමට තීරණය වුණා.

එම කටයුත්ත බාරගෙන සිදු කරමින් සිටින්නේ කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා විසින්.

සජිත් පේ‍්‍රමදාස මහතා අපේක්ෂකත්වයට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් 2/3ක අත්සන් ලේඛනයක් අගමැතිවරයාට යොමු කිරීමට මෙම පිරිස බලාපොරොත්තු වනවා.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිය ද ඉන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිටින්නේ 77 ක් පමණි.

අදාල ලේඛනය සඳහා දැනටමත් මන්ත්‍රීවරුන් 31 දෙනෙකු අත්සන් තබා ඇති බවද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu