gossiplanka alexa "ඔබට අවශ්‍ය දෙයක් මෙහි ඇත්නම් එය ‍රැගෙන යන්න" - සියළු රෝහලකම ක්‍රියාත්මක විය යුතු දෙයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඔබට අවශ්‍ය දෙයක් මෙහි ඇත්නම් එය ‍රැගෙන යන්න" - සියළු රෝහලකම ක්‍රියාත්මක විය යුතු දෙයක්

ජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන බොහොමයක් දෙනාට තිබෙන ගැටළුවක් තමයි රෝහලේ සිටින විට තමන්ට අවශ්‍ය බඩු භාහිරාදිය ගැනීමට ආර්ථික වත්කමක් නොමැතිකම. බොහෝ දෙනා මේ නිසා නොයෙක් අපහසුතාවන්ට පත් වනවා. මේ හේතූව නිසාම රෝහලට පැමිණෙන අයට අවශ්‍යවන දේවල් නොමිලේ ලබා ගැනීමට වැඩ පිළිවෙලක් මීරිගම මූලික රෝහලේ දියත් කර තිබෙනවා. 

මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවේ ළමා රෝග වෛද්‍ය සේපාලිකා ඉලංගකෝන් මහත්මිය විසින් දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය ඇයගේ මිතුරියක වන වෛද්‍ය අයෝධ්‍යා වටලියද්දි මහත්මිය විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක ආදර්ශයක්. හදිසියේ දරුවන් සමග රෝහල්ගත වන මව්වරුන්ට මෙන් ම දරුවන්ට ද හදිසියේ අවැසි වන බොහෝ දේ එකතුකර අවශ්‍ය අයට ලබ ගැනීමට ප්‍රදර්ශනයේ තබා තිබෙනවා. 

පාසල් උපකරණ, ළදරු උපකරණ ආදිය ද මේ ආකාරය මෙහි තබා තිබෙනවා. මේවා බොහෝ විට පරිත්‍යාගශීලීන්ගේ කාරුණිකත්වය මත ලැබෙන ද්‍රව්‍ය වනවා. එම ද්‍රව්‍ය අලුත් ම ඒවා නොවුණත් භාවිතා කළ හැකි මට්ටමක පවතිනවා නම් සෑහෙන බව වෛද්‍යවරිය පවසා තිබෙනවා. 

ඔබටත් එවැනි පරිත්‍යාග කිරීමට හැකි නම් දායක වීමට පුළුවන්. එසේම සෑම රෝහලකම ඕනෑම වාට්ටුවක් සඳහා මෙය සුදුසුය. එසේම පාසල් සඳහා ද මෙය ප්‍රායෝගික වේ. මෙය ක්‍රියාත්මක කිරීමට උචිත ඉතා ප්‍රායෝගික වැඩපිලිවෙක. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu