gossiplanka alexa සිංහයාගෙන් කැස්බෑවට, කැස්බෑවගෙන් රේස් අශ්වයාට ද? ක්‍රිකට් නිල ඇඳුමේ සිංහ ලාංඡනය වෙනස් කිරීම ගැන ප්‍රශ්නයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහයාගෙන් කැස්බෑවට, කැස්බෑවගෙන් රේස් අශ්වයාට ද? ක්‍රිකට් නිල ඇඳුමේ සිංහ ලාංඡනය වෙනස් කිරීම ගැන ප්‍රශ්නයක්

මාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දිර්ඝ කතාවක් කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමෙන් සිංහ ලාංඡනය ඉවත් කර කැස්බෑවෙකුගේ ලාංඡනයක් දැමීම ගැන පරීක්ෂණයක් කළ යුතු බව පැවසුවා. 

“මේ අවුරුදු හතරට නායකයෝ හත් දෙනක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් කර තිබෙනවා. කළමනාකරුවන් 5 දෙනෙක් පත් කෙරුණා. පුහුණුකරුවෝ 4දෙනෙක් පත් කෙරුණා. කණ්ඩායම් හැඟීම නැති කළා.

ඉතාම කණගාටු දෙය නම් ජාතික කණ්ඩායමේ නිල ඇඳුමේ සිංහ ලාංඡනය ඉවත්කර කැස්බෑවකුගේ ලාංඡනයක් දැමීම. සිංහයාගේ ලාංඡනය ඉවත් කර කැස්බෑවකුගේ ලාංඡනය නිල ඇඳුමට යෙදුවේ ඇයිදැයි ප්‍රශ්න කරන විට ප්‍රකාශ කළේ  එම නිල ඇඳුම වෙරළට එකතුවන පොලතින් අපද්‍රව්‍ය ආශ්‍රයෙන් සාදා ඇති බවත්  එම අපද්‍රව්‍යවලින් වැඩිම හානියක් වනුයේ කැස්බෑවට බවත් එමනිසා කැස්බෑවාගේ ලාංඡනය නිල ඇඳුමට යෙදූ බවත් ය.

මේ කුමක් කීවත් සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ  නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා. ඉදිරියේදී කැස්බෑවගේ ලාංඡනය ඉවත් කර රේස් අශ්වයකුගේ ලාංඡනය දායිද කියලත් සැකයක් තියනවා. ඒතරමට වත්මන් ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා ගෙන යමින් තිබෙනවා.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu