gossiplanka alexa රුපියල් අනූහත් කෝටි විසි අට ලක්‍ෂයක වටිනා නිවාස ඒකකයකක් මිලට ගත් අර්ජුන් ඇලෝසියස් ගේ වංචාවන් ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුපියල් අනූහත් කෝටි විසි අට ලක්‍ෂයක වටිනා නිවාස ඒකකයකක් මිලට ගත් අර්ජුන් ඇලෝසියස් ගේ වංචාවන් ගැන හෙළිදරව්වක්

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එවකට මහ බැංකුවේ අධිපතිව සිටි ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන මහෙන්ද්‍රන් හවුල් වී සිදුකරනු ලැබ ඇති මහ බැංකු බැඳුම්කර වංචාවන් පිළිබඳව  ඉතා වැදගත් තොරතුරු රාශියක් ඉදිරියේදී විමර්ශන නිලධාරීන්ට ලබාදීමට සූදානමින් සිටින බව මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති අධි චෝදනා පත්‍රයේ 10 වන විත්තිකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වූ අජාන් ගාර්දිය පුංචිහේවා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරමින් ප්‍රකාශ කොට සිටියා. 

ඔවුන් බැඳුම්කර වංචාවන් හරහා උපයන ලද මහා ධනස්කන්ධය යොදවා සිංගප්පූරුව ඇතුළු විදේශ රටවල රැස්කොට ගෙන ඇති විශාල වත්කම් පිළිබඳව ද ඒ පෙත්සමේ සඳහන් වන බව ඔහු පවසනවා.  

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත්බද (කොළඹ) ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති අධිචෝදනා පත්‍රයේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කොට ඇති හිටපු මහ බැංකු අධිපති ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් පදිංචිව සිටින සිංගප්පූරුවේ කුස්කාඩන්  මාවතට ඉතා නුදුරින් වූ චේ යෑන්  මාවතේ පදිංචි කොළඹ නිදහස් මාවතේ පදිංචිකරුවකු වන අජාන් ගාර්දියේ පුංචිහේවා මහතා විසින් මෙම රීට් පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ 2015 පෙබරවාරි 27 වැනි දින සිදුකරනු ලැබූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධ කිසිදු කටයුත්තකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම ක්‍රියාවලිය තමා අනුමත නොකරන හෙයින් ඒ පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් තමා විසින් රැස්කරන ලද බවත්, ඒවා විමර්ශන නිලධාරීන්ට ලබා දී සහාය වීමට තමා සූදානම්ව සිටින හෙයින් තමාගේ නම එම චෝදනාපත්‍රයෙන් ඉවත් කරන ලෙසට රිට් ආඥාවක් මඟින් නියෝග කරන ලෙසත්ය. 

එම රිට් පෙත්සම විශේෂ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ කැඳවන ලද අතර ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිශ්චයකරුවන්ගෙන් එය සමන්විත විය. 

එම පෙත්සමෙන් හෙළිදරව් කොට ඇති කරුණු අතර අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ බිරිය (අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය) විසින් සිංප්පූරු ඩොලර් මිලියන 7.6ක් මෙරට මුදලින් රුපියල් අනූහත් කෝටි විසි අට ලක්‍ෂයක් (රු. 972,800,000) වටිනා “පෙන්ත්හවුස්”  නිවාස ඒකකයක් මිලට ගෙන එහි පදිංචිව සිටින බවත් ඊට අමතරව බි්‍රතාන්‍ය දූපතක් තුළ සීමාසහිත පර්පචුවෙල් හොල්ඩිංග්ස් වර්ල්ඩ් වයිඩ් නමින් ඇලෝසියස්ගේ බිරිය හිමිකාරිත්වය දරන සමාගමක් ස්ථාපිත කොට පවත්වාගෙන යන බවත් තවත් විවිධ වාණිජ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කොට ඇති බවටද තොරතුරු තමා වෙත ලැබී ඇති බවත් ප්‍රකාශ කොට ඇත. 

තවද ඉහතින් සඳහන් කරන ලද සමාගමේ නමෙහි පර්පචුවෙල් යන කොටස ඉවත් කිරීමට අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ බිරිය විසින් 2017දී පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කොට ඇත. 

පෙත්සම්කරු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවන් පිළිබඳව ඉතාමත්ම වටිනා හා ප්‍රයෝජනවත් තොරතුරු මෙන්ම ඇතැම් දත්ත පවා තමා සතුව ඇති බවත් ඒ සියල්ලක්ම මෙකී විමර්ශනවලට ලබා දෙමින් සහාය වීමට තමා සූදානමින් සිටින බවත්ය. 

ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා අශෝක් බාරන් හා අමරනාත් ප්‍රනාන්දු යන නීතිඥවරුන් සමඟ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක හා ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ සහීඩාබාරි සමඟ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ. 

සැප්තැම්බර් මස 10 වැනි දින පෙත්සම යළි විමසුමට ලක් කිරීමට දින නියම විය. 

කමල් මහේන්ද්‍ර 
මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu