gossiplanka alexa ඔබ රාත්‍රියේ නිදාගන්න යන්නේ කීයට ද? කියවිය යුතුම ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබ රාත්‍රියේ නිදාගන්න යන්නේ කීයට ද? කියවිය යුතුම ලිපියක්

බ නිදාගතයුත්තේ කීයටද?

නිදාගැනීම සඳහා විශේෂ වෙලාවක් තිබෙනවාද?

කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? පරක්කුවී නිදාගෙන පරක්කුවී අවදි වීම සෞඛ්‍යාරක්ෂිතද?

අපගේ ශරීරය තුල ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරනලද පුදුමාකාර ඔර්ලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද?

එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා. රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
සංසරණය වෙනවා. රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.

ඒ කොහොම උනත්,

ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්, බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා. ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා. 12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

ඔබ පාන්දර 3ට නිදාගත්තොත් ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.
ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාද වී අවදි වුවහොත්...ඔබට එවැනි අත්දැකීම් ඇත්නම් සිතා බලන්න.

ඔබ කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි. එමෙන්ම උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා.

මේ කාලය තුල ඔබට කලහැක්කේ කුමක්ද?

ව්‍යායාම කිරීම, නැවුම් වාතය ආශ්වාසය කිරීම, එමෙන්ම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා ශරීරයට හිතකර.

ඒ වගේම උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි. මේ කාලය තුල දී වැසිකිලි යෑම, එමෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියි.

ඒ වගේම උදෑසන 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි. දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම සඳහා මේ කාලය වඩාත් වැදගත් වෙනවා. එමනිසා උදෑසනට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාගැනීමත් වැදගත්. උදෑසන ආහාරය මගහැරීම අනාගතයේ බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවක් වෙනවා. ගම්මානවල ජීවත්වන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.

මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි.

ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි.

සමාජ මාධ්‍ය ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu