Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් උද්ගතව ඇති බව පෙන්වා දෙමින්  මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට බවයි. ඒ සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මහා සංඝරත්නය හදවතින්ම ආශිර්වාද කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14)  පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඒ, ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් පසුවයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page