gossiplanka alexa හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන ඇමරිකාවට කේලම් කියා ඇත්තේ හිටපු මේජර් ජෙනරාල්වරයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන ඇමරිකාවට කේලම් කියා ඇත්තේ හිටපු මේජර් ජෙනරාල්වරයෙක්

න්නි මෙහෙයුමේ සියලු මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ දුන් විධාන භාරව සිටියේ තමා බව දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කරමින් හිටපු මේජර් ජෙනරාල්වරයෙකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටු 200ක දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති බව අනාවරණය වනවා.

මේ දිවුරුම් ප්‍රකාශය ඇමරිකානු රජය හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ප්‍රබල ලෙස මුල් වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ දිවුරුම් ප්‍රකාශය ලබාදුන් හිටපු මේජර් ජෙනරාල්වරයා 2015 ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ සිය නම වෙනස්‌ කරගෙන ඇති අතර මෙම දිවුරුම් ප්‍රකාශය ගැන හමුදා බලධාරීන්ට වසන් වී තිබුණි.

දකුණු පළාතේ හිටපු ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ මස්සිනා වූ මෙම නිලධාරියාට පසුව යහපාලන රජය යටතේ තානාපති ධුරයක්‌ ලබා දී තිබුණි. ඒ ඔහුගේ අළුත් නමින්.

මේ අතර ඉහළ පෙලේ හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ වන්නි මෙහෙයුමේ කටයුතු සහ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ විධානයන් භාරව තමා සිටි බවට ඔහු කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක්‌ බවයි.

මෙකී දිවුරුම් ප්‍රකාශය ගැන රජය හෝ හමුදාව ඔහුට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත යටතේ විමර්ශනයක්‌ ආරම්භ කර නැත.

දිවයින පුවත්පත ඇසුරෙන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu