gossiplanka alexa වඳ සැත්කම් චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂා‍ෆි අද නිදහස ලබයිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වඳ සැත්කම් චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂා‍ෆි අද නිදහස ලබයිද?

ජාතික පුවත්පතක් වන “ටැමිල්මිරර්“ පුවත්පත වාර්තා කරන්නේ කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුට අද නිදහස ලබා දීමට සූදානමක් ඇති බව යි. අදාළ පුවත්පත වාර්තා කළ පරදි ඊයේ(08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා. 

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මෙහොමඩ් ෂාෆිට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරුවකු නොවන බව සිදු කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණා. 

එම පුවත්පත වාර්තා කර තිබූ පරිදි  පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනා  ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ නොමැති පුද්ගලයින් හෙයින් නිදහස් කිරීමට නියමිතය. 

කෙසේ වෙතත් අද දෙරණ සිදු කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා සඳහන් කර සිටියේ ඊයේ පැවති සාකච්ඡාවේදී එවැනි කරුණක් සාකච්ඡා නොවූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu