gossiplanka alexa විශේෂ කාර්ය බලකා නිලධාරීන් සියළු චෝදනාවලින් නිදහස් බව විවෘත අධිකරණයෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ කාර්ය බලකා නිලධාරීන් සියළු චෝදනාවලින් නිදහස් බව විවෘත අධිකරණයෙන් ප්‍රකාශයක්

2006 වසරේ ජනවාරි දෙවනදා ත‍්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බලකා නිලධාරින් 12 දෙනෙකු හා පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අද අවසන් වුණා. ඒ එම නඩුවේ වග උත්තරකරුවන් වු විශේෂ කාර්ය බලකා නිලධාරින් 13 දෙනා සියලූ චෝදනා වලින් නිදහස් කරමින්. ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එම් එච් එම් හම්ෂා මහතාගේ තීන්දුවකට අනුව ඔවුන් අද (03) මෙසේ නිදහස ලැබුවා.

ත‍්‍රිකුණාමලයේ පදිංචිකරුවන් වු මනෝහරන් රජිහරන්‘ යෝගරාජා හේමචන්ද්‍රන්, ලෝහිත රාජා රෝහන්, තංගදොරෙයි ශිවනාදන් හා ෂම්මුගරාජා ගජේන්ද්‍රන් යන තරුණයන්ට වෙඩි තබා ඝාතනය කිරිම හා තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නිති සංග‍්‍රහයේ 296 වගන්තියේ යටතේ මිනි මැරීම 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරිම සමග 32 වන වගන්තියෙන් කිවයුතු පොදු චේතනාව යන චෝදනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොණු කර තිබුණා.

මෙම ඝාතනයට අදාලව සැකපිට විශේෂ කාර්ය බලකා නිලධාරින් 13 දෙනා 2006 පෙබරවාරි 14 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රදවා ගැනිමේ නියෝග මත මාස දෙකක කාලයක් අත් අඩංගුවෙහි තබා ගෙන සිට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් පසුව නිදහස් කර තිබුණා. අනතුරුව මෙම සිදුවිම සම්බන්ධයෙන් එල්ලවු අන්තර්ජාතික බලපෑම හමුවේ 2013 වසරේ ජුලි හතරවන දින මෙම පිරිස යලි අත් අඩංගුවට ගෙන ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර ඒ අනුව දින 113 ක කාලයක් රිමාන්ඩ් බන්ධනගාර ගත කර තිබි මහාධිකරණයෙන් කල ඇප ඉල්ලීමකට අනුව ඇප මත නිදහස් කර නඩුව පවත්වා ගෙන යනු ලැබුණා. 

මෙම නඩු විභාගය සඳහා නඩු භාණ්ඩ හතක් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර 36 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුනි ඉන් අට දෙනෙකු සාක්ෂි දීමට නොපැමිණීම විශේෂත්වයක් වුණා. සාක්ෂි ලබා දිමට නොපැමිණි එම අට දෙනා අතර සිද්ධිය ඇසින් දුටු මෙම සිදුවිමෙන් තුවාල ලැබු හතරවන සාක්ෂිකරු හා අටවන සාක්ෂිකරුවන් සිටි අතර ඔවුන් ස්විස්ටර්ලන්තයේ හා බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගොස් ඇති බව අනාවරණය වුණේ. 

ඉදිරිපත්වු සාක්ෂි සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහයේ 153 (1) උප වගන්තිය (2) හා 154 වගන්ති අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මුලික නඩු විභාගයෙන් චුදිතයන් නිදහස් කරන බව විවෘත අධිකරණයේදී පවසනු ලැබුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu