gossiplanka alexa ෆේස්බුක් කෘතිම බුද්ධිය වෙත සිංහල භාෂාව ද ඇතුළත් කෙරේ, ප්‍රවේසම් වන්න ඔබේ ගිණුම ද අවහිර විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆේස්බුක් කෘතිම බුද්ධිය වෙත සිංහල භාෂාව ද ඇතුළත් කෙරේ, ප්‍රවේසම් වන්න ඔබේ ගිණුම ද අවහිර විය හැකියි

සුගියදා RightsCon නම් ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුව පැවැත් වුණා. එහි දී කතාබහට ලක්වුණු මාතෘකාවක් නීතිඥයන්, ශාස්ත්‍රඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ෆේස්බුක්හි අවධානයට යොමු කොට තිබෙනවා. එම සාකච්ඡාවේ  ප්‍රතිඵලයක් වශයෙන් දැන් ඔවුන් ෆේස්බුක්හි සිදුවන අවභාවිතයන් සොයා බැලීම සඳහා සක්‍රියව ක්‍රියාකරන විශේෂ කණ්ඩායමක් පත්කොට තිබෙනවා. 

ඒ හරහා අසත්‍ය ප්‍රකාශයන් පැතිර යෑමට වැට බැඳීම වෙනුවෙන් තම සේවාවන්හි වෙනස්කම් කිරීමටද ෆේස්බුක් ආයතනය තිරණය කර තිබෙනවා.

ඉන්දියාව, ශ්‍රී  ලංකාව, මියන්මාරය වැනි දකුණු ආසියානු රටවල ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ මෙම වෛරී, අසත්‍ය ප්‍රචාර පැතිරවීම බහුලව සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අනුව අයුතු ප්‍රකාශයන් හඳුනා ගැනීමට ෆේස් බුක් ආයතනය සතුව ඇති කෘත්‍රිම බුද්ධිය වෙත අරාබි, වියට්නාම්, බෙංගලි සහ සිංහල භාෂාවද මේ වනවිට ඇතුළත් කිරීමට ෆේස්බුක් ආයතනය විසින් කටයුතු ආරම්භකොට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ෆේස් බුක් හරහා අසත්‍ය සහ වෛරී ප්‍රකාශ අඩංගු පෝස්ට් දමන ගිණුම් ඉවත් කිරීමට සහ එම ගිණුම් පිළිබඳ වාර්තාවක් අදාළ අංශ වෙත දැන්වීමද ෆේස්බුක් ආයතන මඟින් සිදුවේවි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu