gossiplanka alexa කුණා‍ටුවට හසුවූ නෞකාවේ ඇති තෙල් ටොන් ගනණක් නිසා අවධානම් සහගත තත්ත්වයක් - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුණා‍ටුවට හසුවූ නෞකාවේ ඇති තෙල් ටොන් ගනණක් නිසා අවධානම් සහගත තත්ත්වයක් - PHOTO

යේ (18) පස්වරුවේ ඇතිවු දැඩි සුළං තත්වය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාලු වරායෙන් පිටත නැංගුරම්ලා තිබු  "ශ්‍රී ලංකා ග්ලොරියා" නැමති වෙළද භාණ්ඩ ප්‍රවාහන  නෞකාව නැංගුරම කඩාගෙන විත් රූමස්සල කදුවැටිය ආශ්‍රිත ගල්පර්වතයක වැදි නතර වි තිබුණා.  මෙම නෞකාවේ ඩිසල්වලට සමාන තෙල් ටොන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් තිබෙන බවට වාර්තා වනවා. 

එම  තෙල් විසිරියාමකට ලක්වුවහොත්  බොනවිස්ටා කොරල් පරයට මෙන්ම සාගර සම්පතටද හානිවිය හැකි බැව් සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. මේවනවිට පවතින අධික රළ පහරත් සමග එම තෙල් කාන්දුවිමට ලක්වුවහොත් පාරිසරික වශයෙන් විශාල හානියක් විය හැකි බවයි සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ.

අද (19) පස්වරුවේ  මෙම නෞකාව තුලින් මුහුදට හා බොනවිස්ටා කොරල්පරයට පාරිසරික වශයෙන් බලපැමක් වි ඇද්දැයි සොයා බැලිම සදහා සමුද්‍ර ජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා එම ස්ථානයට ගියත් දැඩි සුළං හා මුහුදේ ඇති රළු ස්වභාවය නිසා නෞකාව වෙත යාමට ඔහුට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඔහු විසින්  රූමස්සල කන්ද පාමුල සිට අනතුරට පත් නෞකාව නිරික්ෂණය කරනු ලැබුවා. පාරිසරික වශයෙන් සමුද්‍රයට හා කොරල්පරවලට හානියක් වි ඇද්ද යන්න පිළිබද තක්සේරු කළහැක්කේ මුහුද යලි යථා තත්වයට පත්වු පසුව බව මෙහිදි ඔහු සඳහන් කලේ.

" අනතුරට පත්ව ඇති මෙම නෞකාව පාකරලා හෝ වෙනත් යාත්‍රාවක් මගින් මුහුදට ගැනිම ඉතා අපහසු කාර්යක්. ඒ සදහා මුහුදේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළට එසවෙන්න ඕන.එහෙම ජල මට්ටම එස වෙන්නේ නැහැ. මේ නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට සැහෙන කාලයක් යාවි. මගේ අත්දැකිම හා නිරික්ෂණය අනුව මෙකි ස්ථානයේ ගල්පර්වත  හා කොරල්පර තියෙනවා. ඒ නිසා  මෙම නෞකාව ඉවත් කිරිම ඉතා අපහසු කටයුත්තක් වේවි. නෞකාව ඉවත් කිරිමේ වගකිම අදාළ සමාගම දැරිය යුතු වෙනවා. දැනට  මෙකි නෞකාවේ භාණ්ඩ නැහැ.  

මේ වගේ අනාරක්ෂිත මුහුදු තත්ත්වයත් තුලදි නෞකාවේ කපිතාන් වරයාට තිබුණා නෞකාව අදාළ වරායට රැගෙන ඒම හෝ මුහුදෙන් ඈතට රැගෙන ගිහින්  අදාල ක්‍රියාමාර්ග ගන්න. නමුත් එම ක්‍රියාමාර්ග ගත්තාද යන්න පිළිබද  නිරික්ෂණ හා පසුවිපරම් කිරිමේදි සොයාගත හැකිවේවි. එම අවස්ථාවේ දි අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් මෙම නෞකාව අනතුරකට ලක්ව ඇති බවට නිරික්ෂණය වුවහොත් නිතිමය ක්‍රියාමාර්ග වුවත් ගැනිමට හැකියාවක් තියෙනවා" යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu