gossiplanka alexa මත්ද්‍රව්‍ය මැඬලීම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවාමයි- ජනපති මංගලගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්ද්‍රව්‍ය මැඬලීම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවාමයි- ජනපති මංගලගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් එල්ලා මැරීම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමා ගත් තීරණය කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බවයි. 

බෞද්ධ සංස්කෘතියට අනුව එල්ලා මැරීම මෙරටට සුදුසු දෙයක් නොවන බව මුදල්  අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පෙන්වාදී ඇති නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මත්කුඩු ජාවාරම මැඬලීම සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවයි.ඒ සඳහා සමාජය තුළින්ද දැඩි ඉල්ලීමක් පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවද වාර්තා වනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණයට එරෙහිව පෙත්සම් කිහිපයක්ම අධිකරණයට ඉදිරිපත් වී ඇති බවත් එහි ප්‍රතිඵල දෙසද තමා අවධානයෙන් සිටින බවත් ය. 

මරණීය දණ්ඩනය නීතිපොතේ තිබෙන බවත් එය අලුත් නීතියක් නොවන බවත්, පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ මීට පෙර ජනාධිපතිවරුන් විසින් ක්‍රියාත්මක නොකළ මරණීය දණ්ඩනය තමා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පමණක් ක්‍රියාත්මක කරන බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu