gossiplanka alexa බදියුදීන්ගේ බිරිඳගේ ගිණුමට කෝටි ගණනක් බැර වීම ගැන සැකයක් - විදෙස් ගමන් බලපත්‍ර දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදියුදීන්ගේ බිරිඳගේ ගිණුමට කෝටි ගණනක් බැර වීම ගැන සැකයක් - විදෙස් ගමන් බලපත්‍ර දෙකක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳවන කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නැමැත්තියට අයත් පෞද්ගලික බැංකු ගිණුමක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ එම ගිණුමට  සැක කටයුතු ලෙස රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැරවීම සම්බන්ධයෙන්. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  ඒ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළා. ඒ ඊට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පෙරේදා කරුණු දක්වනු දක්වමින්. 

කොළඹ හත - බෞද්ධාලෝක මාවතේ පදිංචි කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයිෂා නැමැත්තියට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට, පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක් පත් මගින් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැර කර ඇති බවත්, එම මුදල් අවස්ථා කිහිපයකදී සැකකටයුතු ලෙස ලබාගෙන ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. එම කොට්ඨාශය වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම තැනැත්තිය ඉදිකිරීම් සමාගම් 3 ක අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කරන බවයි. 

එමෙන්ම ඇයට ජාතික හැඳුනුම්පතට අදාළව විදෙස් ගමන් බලපත්‍ර දෙකක් නිකුත් වී ඇති බවත් ඉන් එක් බලපත්‍රයක් කොළඹ හත සහ අනෙක් ගමන් බලපත්‍රය පුත්තලම - තිල්ලඩිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහා නිකුත් කර ඇති බවත් එම කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම තැනැත්තියගේ ජාතික හැඳුනුම්පතට සහ විදෙස් ගමන් බලපත්‍රවලට අදාළව ඇය අධ්‍යක්‍ෂ ධුර දරණ සමාගම් මගින් කොළඹ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්දැයි සවිස්තර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

ඒ අනුව කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නමින් සහ ඇගේ ජාතික හැඳුනුම්පත් අංකයට හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකවලට අදාළව කොටස් වෙළඳපොලේ සිදුකර ඇති මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙස අධිකරණය කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට නියෝග කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් සිදුකරන ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ඊයේ ඔහු කැඳවා තිබුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu