gossiplanka alexa හමුදා නිලධාරියා ගැබිණි කාන්තාවට පා පහරක් එල්ල කළේ ඇයි? ජීවිතය මරණය එක්ක හාද වෙච්චි හමුදාවෙ රස්සාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා නිලධාරියා ගැබිණි කාන්තාවට පා පහරක් එල්ල කළේ ඇයි? ජීවිතය මරණය එක්ක හාද වෙච්චි හමුදාවෙ රස්සාව

පුද්ගලයෙකු තම දරුවා ‍රැගෙන යාමට පාසලට පැමිණි විට පාසැල් ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියා විසින් එම පුද්ගලයාට වෙඩි තැබීම නිසා රටේ ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පුද්ගලයා හමුදා නිලධාරියාගේ ගිණි අවිය පැහැරගැනීමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදූ වූ බවයි වාර්තා වුණේ. 

නොයෙක් දෙනා නොයෙක් කතාවන් සිදු කරන අතරතුර සිතන්නට යමක් ඉතුරු කරමින් සමාජ මාධ්‍යය තුළ පළ කර තිබූ සටහනක් මෙසේ උපුටා දක්වමු. 

"එදා 2006 වසරෙ අප්‍රේල් මාසෙ 26 වෙනිදා.වෙලාව පස්වරු 1.30යි.ස්ථානය යුධහමුදා රෝහල ඉදිරිපිට මාර්ගය.

යතුරු පැදියක පැමිණි යුධ හමුදා කෝප්‍රල් වරයෙක් ගැබිණි කාන්තාවකගෙ බඩට පයින් ගහනව. ඒ හමුදාපති වරයා රැගත් වාහනය දෙසට ඒ කාන්තාව දිව එන්න උත්සාහ කිරීම නිසා.

පහර දුන් කෝප්‍රල් වරයගෙ නම චමින්ද රුවන් යකන්දාවල. පහර කෑ කාන්තාව කනපති පිල්ලෙයි මංජුලා දේවි.

හමුදාපතිගෙ වාහනේට දුවන් ආව කියල යුධ හමුදා සෙබලෙක් විසින් ගැබිණි කාන්තාවකගෙ බඩට පා පහරක් එල්ල කිරීම ඔබ අනුමත කරනවද?

කෙසේ හෝ සුලු මොහොතකින් ඒම කාන්තාව තමන් ඇඳන් හිටපු මරාගෙන මැරෙන ඇඳුම පුපුරව ගන්නව.කෝප්‍රල් වරයගෙ පා පහර නිසා ඇයට මෝටර් රථය අසලට එන්න බැරි වෙනව.කෝප්‍රල් යකන්දාවලගෙ සිරුර කෑලි වෙනව.

හමුදාපති සරත් ෆොන්සේකගෙ ජීවිතය බේරෙනව.

ඉන් පස්සෙ වසර 30ක් තිබ්බ යුද්දෙ අවසන් කරන්න යුධ හමුදාවට නායකත්වය දෙන්නෙ එලෙස ජීවිතය බේරගත්තු හමුදාපති වරයා.

බැරි වෙලාවත් මංජුලා දේවි බෝම්බ කාරියක් නොවුන නම්?

ජීවිතය මරණය එක්ක හාද වෙච්චි හමුදාවෙ රස්සාව අන්න එහෙම එකක්.

මේක ලිව්වෙ අක්මීමන සිද්ධියෙ සෙබල සාධාරණී කරනය කරන්න නෙවෙයි.ඔහු අත්තනෝ මතික ලෙස ක්‍රියා කරානම් ඒක වැරදී. ඒත් තේරුම් ගන්න. පිටින් බලල තීන්දු දෙන හදිස්සි වෙන්න එපා.
ශාප කරන්න.

ඔබේ දරුවාට ගිණි අවි අතින් ගත් සෙබලුන්ගෙ ආරක්ශාව යටතෙ ඉගෙන ගන්න සිද්ධ වෙන තත්වෙට රට පත් කරපු උන්ට.

- උපුටාගැනීමකි -
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu