gossiplanka alexa අද අපිට අහිමි ක්‍රිකට් ලෝක කුසලානය 96 දි අපේ සිංහයෝ අපේ රටට ගෙනාවේ මෙන්න මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද අපිට අහිමි ක්‍රිකට් ලෝක කුසලානය 96 දි අපේ සිංහයෝ අපේ රටට ගෙනාවේ මෙන්න මෙහෙමයි

ද (14) ලෝක කුසලාන ක්‍රිකට් මහා තරඟයේ අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය. කිසිමදිනක ලෝක කුසලානය හිමි කර නොගත් කණ්ඩායම් දෙකක් කුසලානයට තරඟ කරනවා. ඒ නවසීලන්තය සහ එංගලන්තය. 1996 දිත් ලෝක කුසලානය ගත්තේ කවදාවත් ලෝක කුසලානයක් අරගෙන නැති අපේ රට. ලංකා කණ්ඩායම අවසන් මහා තරඟය දක්වා ගියේ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ. 

1996 දී පැවැත්වුනේ 6 වැනි ක්‍රිකට් ලෝක කුසලානය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූයේ ITC ආයතනයෙහි සන්නාමයක් වන WILLS සන්නාමයයි. 1996 පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 17 වැනිදා දක්වා පැවැත් වූ 1996 ලෝක කුසලානයෙහි සත්කාරකත්වය දරන ලද්දේ පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි. රටවල් තුනෙහි ක්‍රීඩාංගන 26 කදී තරඟ 37 ක් පැවැත් වුණා.  තරඟාවලියේ මූලික වටය A සහ B ලෙස කාණ්ඩ ද්විත්වයක් ලෙස ලීග් ක්‍රමයට ද ඉන්පසු අර්ධ අවසාන වටයේ සිට පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට ද පැවැත්වීමට සැලසුම් කර තිබුණා. තරඟාවලියට සහභාගී වූයේ කණ්ඩායම් 12 ක්. එම කණ්ඩායම් A සහ B ලෙස කොටස් දෙකකට බෙදුණා. 

A කාණ්ඩය – ඉන්දියාව​, ශ්‍රී ලංකාව​, ඔස්ට්‍රේලියාව​, බටහිර ඉන්දීය කොදෙව්, කෙන්යාව​, සිම්බාබ්වේ

B කාණ්ඩය – දකුණු අප්‍රිකාව, පකිස්තානය, නෙදර්ලන්තය, එංගලන්තය, නවසීලන්තය, එක්සත් අරාබි එමීර්  
                     රාජ්‍යය

ශ්‍රී ලංකාවට පළමුවෙන් සහභාගී වූයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟයටයි. ඒ 1996 පෙබරවාරි මස 17 වැනි දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී. නමුත් ආරක්ෂක හේතූන් නිසා යයි පවසමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළා.ඒ නිසා එම තරඟය පැවැත්වීමට නොහැකි වුණා. තරඟයේ ජය සමඟින් ප්‍රසාද ලකුණු දෙක ශ්‍රී ලංකාවට හිමිවුණා.

1996 පෙබරවාරි මස 21 ලංකා කණ්ඩායමට තම දෙවන තරඟය ලෙස මුහුණ දීමට සිදු වුණේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ. ඒ කොළඹ SSC පිටියේදී. එහිදී ලකුණු 228ක් ලබා ගත් ඇන්ඩි ෆ්ලවර් නායකත්වය දැරූ සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක ජයක් වාර්තා කලා. අරවින්ද ද සිල්වා ලකුණු 172ක් ලබමින් තරඟයේ වීරයා වුණා.

1996 පෙබරවාරි මස 25 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟයද අත් හැර දැමීමට සිදු වුණේ ඔවුන් ද ආරක්ෂක හේතූන් මත ලංකාවට නොපැමිණි හෙයින්. ඒ අනුව ප්‍රසාද ලකුණු සමඟින් ලංකාවට ජය පිරි නැමුණා. 

1996 මාර්තු මස 2 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවර පැවතී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තරඟයක් වුණා. ඉන්දියාව 271ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ පිටිය සිසාරා පහරවල් එල්ල කලා. ඔවුන් දෙදෙනා මුල් පන්දුවාර තුනට ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වූ අතර වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ ඉන්දීය පන්දු යවන්නා වූයේ මනෝජ් ප්‍රභාකර් ය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 141 ක් වන විට බිඳ වැටුණ අතර එහිදී නායක අර්ජුන රණතුංග සමඟ එක් වූ හෂාන් තිලකරත්න නොබිඳුණු ලකුණු 132 ක සම්බන්ධතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා ගෙනගියා.පන්දු 76 කදී ලකුණු 79 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් සනත් ජයසූරිය තරඟයේ වීරයා ලෙසින් අබිසෙස් ලැබුවා. 

1996 මාර්තු මස 6 වැනි දින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදී  කෙන්යාව අතර තරඟයේ දී ලංකා කණ්ඩායම් වාර්තා පිට වාර්තා තැබුවා. ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 398 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යානු කණ්ඩායම ඉතාමත් ගෞරවාන්විත ආකාරයෙන් තරඟය පරාජය විය. ඔවුන් ලබා ගත්තේ ලකුණු 254 කි. 

මෙම තරඟයේ දී පිහිට වූ වාර්තා කිහිපයක්
අරවින්ද ද සිල්වා ලබාගත් ලකුණු 145 ඒ වනවිට ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව​ විය. අරවින්ද පසු කරන ලද්දේ සනත් ජයසූරිය විසින් 1994 වසරේ දී නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද ලකණු 140 යි. අද වන විටත් ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලෝක කුසලානයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව​ ලෙසින් අරවින්දගේ මෙම ලකුණු 145 වාර්තා පොත්වල ඉතිරිව පවතී.

මෙම තරඟයේ දී අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග දෙදෙනාම එක්දින ලකුණු 5000 සීමාව පසුකළා.. 

එක්දින ලකුණු 5000 සීමාව පසුකළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා වූයේ අරවින්ද සහ අර්ජූනය.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 398 ඒ වනවිට එක්දින ජාත්‍යාන්තර තරඟයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව​ විය. එම වාර්තාව වසර 10 ක් පුරා අඛණ්ඩව​ පැවතුණා.

ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සිය අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ පන්දු 29 කිනි. ඒ වනවිට ලෝක කුසලාන තරඟයක වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසින් එම අර්ධ ශතකය හැඳින්වූ අතර අර්ජුන විසින් බිඳ හෙලන ලද්දේ වසර 21 ක් පැරණි වාර්තාවක් වුණා. 

කෙන්යාවේ ස්ටීව් ටිකෝලෝ විසින් රැස් කළ ලකුණු 96 ඒ වනවිට කෙන්යානු ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වුණා. 

ශ්‍රී ලංකාව මේ ආකාරයට විශිෂ්ට ජයග්‍රහණයකින් මූලික වටය අවසන් කළ අතර මූලික වටයේ දී ශ්‍රී ලංකාව කාණ්ඩයේ ඉදිරියෙන් ම සිටියේ ය​. භ් කාණ්ඩයේ ඉදිරියෙන් ම සිටියේ දකුණු අප්‍රිකාවයි.

1996 මාර්තු මස 9 වැනි දින පකිස්තානයේ ෆයිසල්බාද් නුවර  දි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය  පැවැත්වුණා. එංගලන්තය සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 235 ක් ලබාගැනීමට සමත්වුණා. පන්දුවාර 40.4 කදී ලකුණු 235 පසුකර තරඟය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. 

 මාර්තු මස 9 වැනි දින ඉන්දියාව සහ පාකිස්තානය අතර අනෙක් අර්ධ අවසන් පූර්ව තරඟය  ඉන්දියාවේ බෙන්ගලූරු හිදී පැවැත් වූ අතර ඉන්දියාව ලකුණු 39කින් ජය ගත්තා. 

මාර්තු මස 11 වැනි දින දකුණු අප්‍රිකාව සහ බ.ඉ.කො. අතර පාකිස්තානයේ කරච්චි හීදී තුන්වන අර්ධ අවසාන පූර්ව තරඟය පැවැත් වූ අතර බ.ඉ.කො. කණ්ඩායමට ලකුණු 19 ක ජයක් ලැබුණා. 

මාර්තු මස 11 වැනි දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඉන්දියාවේ චෙන්නායි නුවරදී  සිව්වන අර්ධ අවසාන පූර්ව තරඟය පැවැත් වූ අතර ඕස්ට්‍රේලියාව කඩුළු 6කින් ජය ගත්තා. 

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බ.ඉ.කො. සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. 

අවසන් පූර්ව වටය

1996 මාර්තු මස 13 වැනිදා 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රථම අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත් වුණා. ඉන්දීය ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට ජවගල් ශ්‍රීනාත් ඉඩක් දුන්නේ නහැ. . ප්‍රථම පන්දුවාරයේදී ම සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ දවාගැනීමට ශ්‍රීනාත් සමත්වුණා. ඉන්පසු අරවින්ද ද සිල්වා වේගවත් ඉනිමක් දියත් කළ අතර අසංක ගුරුසිංහ සමඟින් ලකුණු 33 ක්ද නායක අර්ජුන රණතුංග සමඟින් ලකුණු 50 ක්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකතු කිරීමට අරවින්දට හැකි වුණා. ගුරුසිංහ එක් ලකුණකට දැවී ගිය අතර ලකුණු 66 ක් ලබාසිටි අරවින්ද දැවී යනවිට ලකුණු තත්වය දැක්වුණේ 85/4 ක් වශයෙනි. මේ අවස්තාවේදී නායක අර්ජුන රණතුංග සිය නායකත්ව කුසලතාව මැනවින් ප්‍රදර්ශනය කළා. රොෂාන් මහානාම සමඟින් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 83 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීමට අර්ජුන සමත්විය. මුළු ලකුණු සංඛ්‍යාව​ 168 ක්ව තිබියදී ලකුණු 35 ක් ලබාසිටි අර්ජුන දැවී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාව​ 182 ක් වන විට ලකුණු 58 ක් ලබා සිටි රොෂාන් මහානාම ද ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව හශාන් තිලකරත්න පසුපෙළ ක්‍රීඩකයින් සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය ඉහළ දැමීමට කටයුතු කළා. හෂාන් ලකුණු 32 ක් ලබාගත් අතර චමින්ද වාස් පන්දු 16 කදී වේගවත් ලකුණු 23 ක් ලබාගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 251 ක් ලබාගැනීමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් ජවගල් ශ්‍රීනාත් කඩුලු 3 ක්ද සචින් තෙන්ඩුල්කාර් කඩුලු 2 ක් ද බිඳ දැමුවා. 

ලකුණු 252 ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉඩ නොදුන් චමින්ද වාස්, නව්ජෝට් සිං සිදූ ලකුණු 3 කට දවාගැනීමට සමත්විය. නමුත් සචින් තෙන්ඩුල්කාර් සහ සංජේ මන්ජ්රේකාර් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධයක් පැවැත් වූ අතර ඒ වනවිට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ 98/1 ක් වශයෙනි. එම අවස්තාව වනවිට තරඟයේ පාලනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ අවස්තාවක් විය. මෙම අවස්තාවේදී ක්‍රියාත්මක වූ සනත් ජයසූරිය ඉතා කල්පනාකාරීව පන්දු යැවූ අතර සචින් තෙන්ඩුල්කාර් විසින් සිදුකරන ලද කුඩා අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ගත් කඩුලු රකින රොමේෂ් කලුවිතාරණ ලකුණු 65 ක් ලබාසිටි තෙන්ඩුල්කාර් ස්ටම්ප් කරන ලදී. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දායක කරගැනීමට සියලුම ක්‍රීඩකයින් සිය උපරිමය ලබාදුන්නා.බොහෝ දුෂ්කර බාධක මැදින් ලබාගත් ජයක් වුණා. නමුත් කලූගේ මෙම ස්ටම්ප් කිරීම 1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂය බවට පත් වුණා. මෙම ස්ටම්ප් කිරීම නොවන්නට මෙම තරඟයෙන් ඉන්දියාව ජයගැනීමට ඉතා විශාල ඉඩ කඩක් තිබුණා. 

තෙන්ඩුල්කාර්ගේ දැවීයාමෙන් අනතුරුව ඉන්දීය කඩුලු එක පිට එක ඇද වැටෙන්නට පටන්ගත් අතර ශ්‍රී ලංකාවේ දඟ පන්දු බල ඇණිය විසින් ඉන්දීය ඉනිම විනාශ කළා. මෙලෙස ඉන්දීය කඩුලු එක පිට එක ඇද වැටෙන විට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බාධා එන්න එන්නම වැඩි වුණා. ඔවුන් විවිධ දෑ ක්‍රීඩාංගනය වෙත විසිකළා. අවසානයේදී ඉන්දීය ඉනිම කඩුලු 8 කට ලකුණු 120 ක්ව පැවතී අවස්ථාවේ තරඟය ඉදිරියට පවත්වාගෙන යාමට කිසිසේත්ම නොහැකි ආකාරයක් නිරූපණය වුණා. ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බාධා කිරීම් ඒ තරමටම වැඩි වුණා. මේ අවස්තාවේදී එම තරඟයේ තීරක ලෙස කටයුතු කළ හිටපු බ.ඉ.කො. සුපිරි නායක ක්ලයිව් ලොයිඩ් මහතා පිටියට පැමිණ තරඟයේ ජය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කලා. පුවත් මවන්නෙක් වන ඉන්දීය පිතිකරු විනෝද් කම්බ්ලි ඒ වනවිට නොදැවී ක්‍රීඩාකරමින් සිටි අතර ඔහු හැඩු කඳුලින් යුතුව ක්‍රීඩාගාරය වෙත පියමැන්නා.

දෙවැනි අවසන් පූර්ව තරඟය ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 1996 මාර්තු මස 14 වැනි දින ඉන්දියාවේ චන්දිගාර් හීදී  පැවැතුවුණු අතර ඕස්ට්‍රේලියාව එහිදී ලකුණු 208ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බ.ඉ. කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 202  ක් පමණි. 

ඒ අනුව 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවා. 

අවසාන මහා තරඟය

1996 මාර්තු මස 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නැරබීමට ක්‍රීඩා ලෝලීන් හැට දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියා. එහි දී නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 241 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සමත්වුණා. පන්දුවාර 46.2 ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 245 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

විශිෂ්ට ශතකයක් ලබාගනිමින් කඩුලු 3 ක්ද ලබාගනිමින් උඩපන්දු දෙකක්ද රැකගත් අරවින්ද ද සිල්වා අවසාන මහා තරඟයේ වීරයා ලෙසින් අභිෂේක ලැබූ අතර තරඟාවලිය පුරා පිත්තෙන් ලකුණු 221 ක් ද පන්දුවෙන් කඩුලු 7 ක්ද බිඳහෙලූ සනත් ජයසූරිය තරඟාවලියේ වීරයා ලෙසින්ද අභිෂේක ලැබුවා. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ කඩුලු 15 ක් ලබාගනිමින් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා. ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 523 ක් රැස් කරගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. 

1996 මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනීමට බොහෝදෙනා වෙහෙස මහන්සි වූ අතර සියලුම පාර්ශව තම තමන්ගේ වගකීම් කොටස නිසි ආකාරව ඉටු කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය, තේරීම් කමිටුව, පුහුණුකරුවන්, කණ්ඩායමේ කළමනාකාරීත්වය, නායකයා ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, අනුග්‍රාහකයින්, මාධ්‍යය සහ ප්‍රේක්ෂකයින් යන මේ සියල්ල සිය වගකීම් නියමිත පරිදි ඉෂ්ට කළ නිසා රටක් වශයෙන් අප සියලුදෙනාටම මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකි වුණා. අනාගත පරපුරට තිළිණ කිරීමට හැකි වුණා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu