gossiplanka alexa පන්දුව හිසේ වැදී මිය ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා නිසා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අයි.සී.සීයෙන් අළුත්ම සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්දුව හිසේ වැදී මිය ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා නිසා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අයි.සී.සීයෙන් අළුත්ම සහනයක්

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවති ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු  හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළා. 

ඉන් නොනැවතුණු අයි.සී.සී ය මෙවන් අවස්ථාවක් උදා වූ විට ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම පියවරක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී පන්දුව හිසේ වැදීම නිසා ආබාධයට ලක්වෙන (Concussion) ක්‍රීඩකයින් වෙනුවෙන්. ඒ අනුව එවැනි අවස්ථාවකට මුහුණ දෙන  ක්‍රීඩකයා ඉවත් කොට වෙනත් අතිරේක ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුලත් කිරීමේ අවස්ථාව ලබාදීමෙන්. මෙම නව ක්‍රීඩකයාට පිතිකරණ හා පන්දු යැවීම යන අංශ දෙකෙන්ම කණ්ඩායමට සිය සේවාව ලබා දීමේ හැකියාව පවතිනවා. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාලයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදී. මේ අනුව එළඹෙන අගෝස්තු පළමුවැනිදා සිට ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයටම මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති. 

මෙහිදී යම් ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වී ඇත්දැයි අදාළ කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව තරග තීරකවරයාගේ අවසරය ඇතිව මෙම ක්‍රීඩක ආදේශනය සිදුකළ හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu