gossiplanka alexa රෝහලේ ප්‍රතිකාර වැරදීමෙන් ජීවිතයෙන් වන්දිගෙවූ නව හැවිරිදි දරුවාගේ ඛේදනීය ඉරණම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝහලේ ප්‍රතිකාර වැරදීමෙන් ජීවිතයෙන් වන්දිගෙවූ නව හැවිරිදි දරුවාගේ ඛේදනීය ඉරණම

සුගිය මාර්තු මාසයේ පළවෙනිදා විදුලක්ෂන් නැමැති අවුරුදු 9ක් වයසැති කුඩා දරුවා සිය පියාගේ ලොරි රථයට නැඟීමට උත්සාහ කරනවා. ඒ එම රථය සිය නිවසේ ගාල් කර් ඇති අවස්ථාවේ. නොසිතූ මොහොතක දරුවා ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කරනවා. කතාව පටන් ගන්නෙ එතනින්.

දවස් 18ක් නේවාසිකව ප්‍රතිකාර ලබන මේ දරුවා 19 වන දිනයේ එකවරම මිය යනවා. 

"මම වැඩ කරලා ගෙදර ඇවිත් තේ එකක් බීලා නැවත වාහනය අයිතිකරුට දෙන්න යන්න ලෑස්ති වුණා. පුතා බයිසිකලය පැද පැද හිටියේ. මම පැති කණ්නාඩියෙන් බලලා වාහනය පණගන්වලා පිටිපස්සට ගත්තා. එතකොටත් පුතා වැටිලා හිටියා. වාහනය ලොකු නිසා මට පෙනුනේ නැහැ. වැටිච්ච තුවාලයි, සීරුණ තුවාලයි විතරයි තිබුණේ. ඒවා පොඩියි." එහෙම කිවුවෙ විදුලක්ෂන්ගේ තාත්තා.

විදුලක්ෂන්ව මුලින්ම ‍රැගෙන ගියේ සෙන්ගල් අඩි රෝහලට. එතැනින් හරියට ප්‍රතිකාරයක් නොලැබුණු නිසා ඔහුව මඩකලපුව රෝහලට ගෙනගොස් අදාළ ප්‍රතිකාර කරන්න පටන්ගෙන තිබෙනවා. 

මියගිය විදුලක්ෂන්ගෙ මව පැවසුවේ මේ වගේ කතාවක්. 

"දවස් 5 ක් CIU එකේහිටියා. දවස් තුනක් වාට්ටුවේ හිටියේ. අනිත් සැරේ අයි.සී.යූ. එකට ගෙනිහිල්ලා මගේ දරුවට ඒ ගොල්ලේ ඉන්ජෙක්සන් ගහලාද බෙහෙත් දීලාද දන්නේ නැහැ කතා කළේ නැහැ. ඒ ඉදලාම නැති වුණා. අපි බලන්න ගියත් දෙන්නේ නැහැ අපිට බලන්න. ඒ රෑ මැරිලා තියෙනවා. ඒ මහත්තුරු අපිට යන්න දුන්නෙත් නැහැ. දරුවා ගලෝලා දුන්නෙත් නැහැ. දරු පැටියා මැරිලා අනිත් දවසේ 12 ට විතර අපි ගිහින් පොලිසියට කියලා රණ්ඩුවෙලා තමයි දරුවා ගත්තේ"

පසුව සිදුකරන ලද ශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අණාවරණය කරනු ලබන්නේ විදුලක්ෂන්ට ප්‍රතිකාර සිදුකරන විට ඔහුට වැරදි ලේ වර්ගයක් ලබාදීම තුළින් මෙම මරණය සිදුව ඇති බව. පසුව මේ පිළිබඳව විමර්ශනය කළ මඩකලපු පොලීසිය ඒ සම්බන්ධයෙන්  හෙදියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දරුව මියයාම සම්බන්ධයෙන් හෙදියන් දෙදෙනා පමණක් අත් අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නොවන බව පැවසූ මඩකලපුව මහේස්ත්‍රාත්වරයා  මඩකලපුව මහරෝහලේ ලේ බැංකුව භාර වෛද්‍යවරයා, රෝහල්ගතව සිටියදී දරුවාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා, දරුවා රැදීසිටි වාට්ටුව භාර වෛද්‍යවරයා සහ මඩකලපුව රෝහල් අධ්‍යක්ෂකවරයා  යන සියළුදෙනා අත්අඩංගුවට ගෙන හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu